ලෝක ජනගහනය දිනෙන් දින වැඩිවීමත් සමග ආහාර ඉල්ලුම වැඩිවීමද ප්‍රායෝගික තත්ත්වයකි. වැඩිවන ජනගහනයට සරිලන ආකාරයට ආහාර නිෂ්පාදනය කිරීම සහ පවතින තරගකාරී ආර්ථික රටාව තුළ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ. ජනගහනය වැඩිවීමත් සමඟ අපද්‍රව්‍ය අර්බුදයද ලොව පුරා උග්‍ර වෙමින් පවතියි. දිනකට පුද්ගලයකුට කිලෝ ග්‍රෑම් 0.74ක ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට බැහැර කරන බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ. මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය කෘෂිකර්මාන්තය ආශ්‍රිතව බැහැර වන අපද්‍රව්‍යද ලොව අපද්‍රව්‍ය ගැටලුව උග්‍රවීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
කෘෂිකාර්මික අපද්‍රව්‍ය හඳුනා ගැනීම
- කෘෂිකාර්මික මෙහෙයුම් ක්‍රියාවලියේදී ඉවත දමන, සමහර විට ආර්ථික වටිනාකමක් රහිත දාව්‍ය
- කෘෂිකර්මන්තයේදී බෝග නිෂ්පාදන, සත්ත්ව පාලනය හා ධීවර නිෂ්පාදන ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැරවීමක් සිදුකරයි.
කෘෂිකාර්මික අපද්‍රව්‍ය වර්ගීකරණය
1 ඝන අපද්‍රව්‍ය : (Solid waste)
2 ද්‍රව අපද්‍රව්‍ය: (Liquid waste)
3 ජෛවීය අපද්‍රව්‍ය : (Bio waste)
4 උපද්‍රවකාරී අපද්‍රව්‍ය : (Hazardous waste)
මෙම අපද්‍රව්‍ය කාණ්ඩ අතුරින් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිතව බැහැර වන ඝන අපද්‍රව්‍ය, ඒවායේ බලපෑම හා කෘෂිකාර්මික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී සඳහන් කරයි. කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය Agriculture solid waste) ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැකිය.
01 කාබනික ඝණ අපද්‍රව්‍ය හෙවත් ජෛව හායනය (biodegradable) සිදුවන අපද්‍රව්‍ය
ජෛව හායනයට ලක් වන අපදාව්‍ය ලෙස හඳුනා ගනියි.
- බෝග අස්වනු කොටස්
- සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව සත්ත්ව ආහාර කොටස්
- සත්ත්ව පාලනය ආශ්‍රිත මළ අපද්‍රව්‍ය හා අතුරුබහාණු කොටස්
- ආහාර කර්මාන්තය ආශ්‍රිතව ඉතිරි වන කොටස්
- සංචාරක හෝටල්, කර්මාන්ත ආශ්‍රිතව හා අනෙකුත් ආයතන ආශ්‍රිතව බැහැර වන ආහාර ද්‍රව්‍ය කොටස්
- ගෘහාශ්‍රිත සත්ත්ව හා බෝග නිෂ්පාදන පරිභෝජනය ඉවතලන ද්‍රව්‍ය
02 අකාබනික ඝණ අපද්‍රව්‍ය හෙවත් ජෛව හායනය සිදු නොවන (non -biodegradable) අපද්‍රව්‍ය
ජෛව හායනයට ලක් නොවන අතර, පාරිසරික වශයෙන් දීර්ඝ කාලීන අහිතකර බලපෑම් රැසක් ඇති කරයි.
කෘෂිකාර්මික ක්‍රියාවලියේ යෙදවුම් හා නිමැයුම් ආශ්‍රිතව පවතින ඇසුරුම්, කෘෂිකාර්මික ව්‍යුහ ආශ්‍රිතව පවතින අමුද්‍රව්‍ය ආකාබනික ඝන අපද්‍රව්‍ය (ප්ලාස්ටික්, පොලිඑතිලීන්, වීදුරු, ආහාර ගබඩා කර ඇති ලෝහ ඇසුරුම්, කෘෂිකාර්මික ව්‍යුහයන්ගේ හා යන්ත්‍රවල අඩංගු ලෝහ වර්ග, කෘෂිකාර්මික ඉදිකිරීම් ආශ්‍රිත සුන්බුන් කොටස්)
කෘෂිකාර්මික කාබනික ඝන අපදාව්‍යවල බලපෑම
පස, ජලය, වායුගෝලය යන සමස්ත පරිසර පද්ධතියටම අහිතකර බලපෑම් සිදුවේ. ජෛව විවිධත්වයට මෙන්ම මිනිසාටද දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවේ.
- අහිතකර වායූන් පිට වීම – මළ අපද්‍රව්‍ය, සත්ත්ව කොටස්, බෝග කොටස් ආදී ද්‍රව්‍ය පරිසරයේ ගොඩගැසීම තුළින් නිර්වායුක තත්ත්වය යටතේ මීතේන් වැනි වායූන් පරිසරයට මුදා හැරේ. මෙවැනි වායුන් මගින් පරිසර උෂ්ණත්වය ඉහළ යෑම වැනි අහිතකර තත්ත්වයන් සීඝ්‍ර කරයි.
- ජල දූෂණය සිදුවීම – පරිසරයේ කාබනික දාව්‍ය ගොඩගැසීමත් සමග ඒවා තළ අන්තර්ගත පෝෂක කොටස් ජලජ පරිසරයන්ට මිශ්‍ර වීම තුළින් ජලයේ පෝෂකතාව වැඩී වී සුපෝෂණය (Eutrophication) සිදුවිය හැකිය. මෙම තත්ත්වය ජලයේ ගුණාත්මක බව පිරිහීමට හේතුවක් වන බව පැහැදිලිවම හඳුනාගත හැකිය.
- 3) රෝගකාරක ක්ෂද්‍ර ජීවීන් ව්‍යාප්තිය – සත්ත්ව අපද්‍රව්‍ය පරිසරයට අක්‍රමවත්ව බැහැර කිරීම හේතුවෙන් E’coli වැනි අහිතකර රෝගකාරක ක්ෂුදා ජීවීන් වර්ධනය වී මිනිසාට, සතුන්ට මෙන්ම බෝග වලට අහිතකර තත්ත්ව ඇති වේ.
- කෘමීන් ව්‍යාප්ත වීම – කෘෂිකාර්මික කාබනික අපද්‍රව්‍යත් සමඟ මැස්සන් වැනි කෘමි වර්ග අධික ලෙස වර්ධනය වේ. මෙවැනි කෘමීන් රෝගවාහක කෘමීන් ලෙස ක්‍රියා කරයි.
කෘෂිකාර්මික අකාබනික ඝන අපද්‍රව්‍යවල බලපෑම
- පාංශු හායනය සිදුවීම – අක්‍රමවත් ආකාරයෙන් අකාබනික ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම තුළින් පසේ භෞතික, රසායනික හා ජෛව ලක්ෂණ බිඳවැටීම තුළින් පාංශුහායනය සිදුවේ. මේ තුළින් පසේ නිෂ්පාදකතාව බිඳ වැටේ.
- ජල දූෂණය සිදුවීම – අකාබනික ඝන අපද්‍රව්‍ය හෝ ඒවායේ අන්තර්ගත රසායනික සංයෝග මතුපිට ජලයට මෙන්ම භූගත ජලයට එකතු වූ විට එම ජල මූලාශ්‍ර පහසුවෙන් දූෂණය වේ.
- ජෛව විවිධත්වය සිදුවන අහිතකර බලපෑම් – සියලුම ඝන අපද්‍රව්‍ය ජීවීන්ට හානි කර බැවීන් ජෛව විවිධත්වය බිඳ වැටීමක් සිදුවේ.
කාබනික ඝන අපදාව්‍ය කළමනාකරණය කළ හැකි ආකාර
1) කොම්පොස්ට් සැකසීම
විවිධ අවස්ථාවන්වලදී බැහැර කරන ගොවිපොළ අපද්‍රව්‍ය, කර්මාන්ත කාබනික අපද්‍රව්‍ය මෙන්ම ගෘහාශ්‍රිත කාබනික අපද්‍රව්‍ය යෝග්‍ය තත්ත්ව යටතේ යෝග්‍ය ක්‍රමවේදයක් භාවිතා කරමින් කොම්පෝස්ට් සැකසිය හැකිය. ගුණාත්මක කොම්පෝස්ට් පසට පෝෂක ලෙස එකතු කළ හැකිය. පසට වසුනක් ලෙස යොදා පාංශු ඛාදනය පාලනය කළ හැකිය. පසේ වයනය, ව්‍යුහය හා පාංශු උෂ්ණත්වය වැනි භෞතික ලක්ෂණ ප්‍රශස්තව පවත්වා ගැනීමට දායක වේ. පාංශු ජීවින්ගේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. පසේ කැටායන හුවමාරු ධාරිතාවය, Ph අගය වැනි තත්ත්වයන් ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමට දායක වේ. පසේ ජලය රදවා ගැනීමේ ධාරිතාව හොඳ මට්ටමක පවත්වා ගැනීමට දායක වේ.
2) ජීවවායු නිපදවීම
කාබනික දාව්‍ය නිර්වායුක තත්ත්ව යටතේ පවත්වා ගනිමින් ජීව වායුව නිපදවා ගත හැකිය. මේ සඳහා කාබනික අපද්‍රව්‍ය තෝරා ගැනීමේදී පහසුවෙන් ජීර්ණය කළ හැකි සත්ත්ව අපද්‍රව්‍ය, බෝග කොටස් ආදිය පමණක් යොදා ගත යුතුය. ජීව වායවු නිපදවීමට, ඉන්දියානු, චීන, ශ්‍රි ලංකා ජීව වායූ ඒකක යොදා ගත හැකිය. ඊට අමතරව වර්තමානය වන විට ගෘහාශ්‍රිතව භාවිතා කළ හැකි කුඩා ජීව වායූ ඒකක වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. ජීව වායු නිපදවීම මගින් අපදාව්‍ය ගොඩගැසීම අවමවීම හා එමගින් සිදුවන පරිසර දූෂණය අවම වේ. බලශක්තිය සඳහා වැය මුදල් කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකිය.
3) විවිධ කර්මාන්ත ඇති කිරීම
කෘෂිකාර්මික කාබනික දාව්‍ය භාවිතා කරමින් විවිධ නිෂ්පාදන ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කළ හැකිය. පොල්කටු, පොල්ලෙලි වැනි ඉක්මනින් ජීර්ණය නොවන කාබනික ඝණ අපදාව්‍ය මගින් විවිධ නිෂ්පාදන (හැඳි හා විවිධ විසිතුරු භාණ්ඩ, පොල්ලෙලි ආශ්‍රිතව කොහු කෙඳි කර්මාන්තය, කොහුබත් ආශිත නිෂ්පාදන) එහිදී ප්‍රමිතිගත කොහුබත් ආශ්‍රිත නිර්පාංශු වගාවේ කොහුබත් කැට සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී.
4) සත්ත්ව ආහාර නිෂ්පාදනය
යෝග්‍ය තත්ත්වයේ පවතින සත්ත්ව හා බෝග කොටස් භාවිතයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය කළ හැකිය. එහිදි විශේෂයෙන්ම ප්‍රෝටීන්, විටමීන්, ඛනිජ පරිපූරක සත්ත්ව ආහාර නිෂ්පාදනය කරමින් ගොවිපොළ සතුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යොදා ගත හැකිය.
කාෂිකාර්මික අකාබනික ඝන අපදාව්‍ය කළමනාකරණය
මේ සඳහා 3R සංකල්පය යොදා ගත හැකියි. මෙහිදී භාවිතය ප්‍රතික්ෂේප කිරීම, භාවිතය අවම කිරීම, ප්‍රතිචක්‍රිකරණය කිරීම කළ හැකිය. මෙම ක්‍රියාවලිය තුළින් කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය ගැටලුවට පහසුවෙන් අවම කරගත හැකිය. පොලිඑතිලීන්, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ යන සියලුම කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය යෝග්‍ය ලෙස කළමනාකරණය කළ හැකිය. වඩාත් ඵලදායි කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යාමට හා කාර්යක්ෂම කෘෂිකාර්මික පද්ධති පවත්වාගෙන යාමට කෘෂිකාර්මික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ප්‍රවේශ විය යුතුය.කෘෂිකාර්මික ඝන අපදාව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් පාරිසරික තිරසාර බව ආරක්ෂා වෙමින් පරිසර තුලිත බව පවත්වා ගෙන යාමට හැකිවනු ඇත.
තරංග එල්. විජේසිංහ – පරිසර කළමනාකරණ අංශය, කොළඹ විශ්වවිද්‍යාලය