Control Union Sri Lanka විසින් අනුග්‍රහය දක්වන ලද “Regenagri” සමුළුව පසුගියදා කොළඹ Merino Beach හෝටලයේදී ගෝලීය දැනුම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ සම්මේලනයක් ලෙස සංවිධානය කොට තිබිණි.
Solidaridad, Regenagri CiC UK සහ Nucleus Foundation යන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සමුළුව ගෝලීය උණුසුම, භූමිය සීමා වීම, ආහාර සුරක්ෂිතතාව වැනි ගැටලු විසඳන විදෙස් විනිමය ගැටලු සඳහා විසඳුම් යෝජනා කරන්නක් විය.
“අද මෙම අවස්ථාව අමතන්නේ දකුණු ආසියාතිකයෙකු ලෙස පමණක් නොව, විශේෂයෙන් ලංකා තේවල උරුමය ගැඹුරින් අගය කරන කෙනෙකු ලෙසය. ඊට හේතුවන කරුණු අතර වැදගත්ම දෙය 1990 දශකයේදී මා විසින් පර්යේෂණයේ නිරත වූ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා විෂය වූයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයයි. මා හඳුනාගත් ආකාරයට එය ශ්‍රී ලංකාවේ ආඩම්බරයේ, සම්ප්‍රදායේ සහ අනන්‍යතාවයේ පමණක් නොව, හැකියාවේ ද සංකේතයයි.
එදා මම දැන සිටි තේ කර්මාන්ත මේ වන විට බෙහෙවින් වෙනස් වෙනවා. බොහොමයක් තේ වගාවන් දෙස බලන විට පෙනී යන්නේ, පස පීඩාවට පත්වී තිබෙන බවයි. වර්ෂාපතනය අක්‍රමවත් ය, යෙදවුම් පිරිවැය අහස උසට ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය තාවකාලික යයි සිතිය නොහැකි තරමට බරපතළ වෙමින් තිබේ. මෙම අර්බුදය අවස්ථාවක් ලෙස සලකා ඊට පිළියම් යෙදිය යුතුවෙයි.
ඒ සඳහා හොඳම පිළියම පුනර්ජනනීය කෘෂි කර්මාන්තයයි. ඉතා සරල ආකාරයකින් පුනර්ජනනීය කෘෂි කර්මාන්තය යනු රසායනික ද්‍රව්‍ය අඩු කිරීම පමණක් නොව, භූමියට යථා තත්ත්වයට පත් කිරීම නැතහොත් පස සුව කරන ගොවිතැන වෙත මාරුවීමයි” යනුවෙන් අදහස් දැක්වූයේ සොලිඩැරිඩේ ආසියාහි කළමනාකර අධ්‍යක්ෂ ශතර්දු චටිටෝපාධ්‍යය මහතායි.
මෙම කෘෂි කාර්මික පිළිවෙත් අනුගමනය කරනවිට කාබන් රඳවා ගැනීම, ජලය ආරක්ෂා කිරීම මෙන්ම සහ ජෛව විවිධත්වය වැඩි දියුණු වීම සිදුවෙයි. පොදුවේ සඳහන් කළහොත් පස, ජලය, ජෛව විවිධත්වය, කාබන් යන අංශ හතරම තිරසර ලෙස සුරකියි. නමුත් මෙහි වැදගත්ම දෙය නම් මෙම පරිවර්තීය වෙනස සිදු කරනු අපට අවශ්‍ය දේ වගා කරන අතරතුර යි. ඒ සඳහා කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නැත. මේ සඳහා වැදගත් වෙන්නේ වගා පිළිවෙත් සමූහයකට අනුගත වීමයි. අනෙක් වැදගත්ම කරුණ ශ්‍රී ලංකාව දැනටමත් මෙය මඟට පිවිසී සිටීමයි.
හේලීස් සමාගමේ හල්ගොල්ල වැවිලි සමාගම වැනි මහාපරිමාණ තේ වතු සහ (Luk BiBi) වැනි කුඩා තේ වතු හිමියන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සඳහා පිවිසි ලොව පළමු තේ වගාව සහ ලොව පළමු කුඩා තේ වතු කණ්ඩායම් අතරට එක්වූ ශ්‍රී ලංකික පුරෝගාමීන් ලෙස සැලකිය හැකිය. නැතහොත් මෙම වතු පුනර්ජනනීය වගාබිමි ලෙස Rejenagri සහතිකකරණයට ලක්වී තිබේ. සැබවින්ම එය කුඩා ජයග්‍රහණයක් නොවේ, Regenagri යනු ලොව විශාලතම පුනර්ජනනීය කෘෂි කර්මාන්තය පිළිබඳ රාමුවයි. ඒ රාමුව තුළ ලොව බහු ජාතික වෙෙළඳ සන්නාම සහිත රටවල් 30ක් පමණ කටයුතු කරන අතර, ගොවීන්ට සහ වගා බිම්වලට ඔවුන්ගේ තිරසරභාවය මැන ගැනීමට, වැඩිදියුණු කිරීමට සහ ඉහළ ආදායමක් ඉපයීමට උපකාරී වන සහතික කාරණයකි ” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුව සඳහා ප්‍රධාන කථිකයෙකු ලෙස Regenagri හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රැන්කෝ කොසෙන්ටිනි, Regenagri කලාපීය නියෝජිත ආචාර්ය රාජේෂ් ඩුබ් සහ Solidaridad හි නිතින් රාඕ. සිස්ටෙමා බයෝ – ශ්‍රී ලංකාවේ Controlunion කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණසිංහ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර් වික්‍රමාරච්චි ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි විය.
ලොව ප්‍රමුඛ පුනර්ජනනීය කෘෂිකර්ම සහතික කිරීමේ වැඩසටහන වන Regenagri විසින් නව අපනයන වෙෙළඳපොළවල් විවෘත කිරීමට, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සහ නැඟී එන කාබනික කෘෂි වෙෙළඳපොළ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට හැකි ආකාරය ගවේෂණය කිරීමට අවස්ථාවක් ලබා දෙයි.
Regenagri කළමනාකරණය එක්සත් රාජධානියේ C.I.C මූලස්ථානයෙන් සිදු කෙරෙයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් වන “Regenagri” මහජන ආකර්ෂණය හිමි කරගත් සමාගමකි.
යුරෝපා සංගමය වැනි ආයතන ගෝලීය වෙළෙඳාම සඳහා තිරසර ආර්ථික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේ රෙගුලාසි, වෙළෙඳාමේ අංග බවට පත්කොට තිබේ. සිදුවන පාරිසරික හානි නියාමනය (EUDR) සහ ආයතනික තිරසරභාවයේ කාර්යක්ෂමතාව පිළිබඳ (CSDDD) වැනි සම්මුතීන් ඔස්සේ අවධාරණය කරන්නේ පාරිසරික තිරසරබව, නිසි කාර්යක්ෂමතාව, තිරසර සැපයුම් දාම ශක්තිමත් කිරීම පිළිබඳවයි.
මෙම වැඩමුළුවේදී ” Regenagri” වෙතින් පසුගිය සමයේ කාබනික කෘෂිකර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු නිරාකරණය කිරීම අපේක්ෂා කරයි. විද්‍යාත්මක සිද්ධාන්ත පදනම් ව ආර්ථික වශයෙන් ද වඩා යහපතක් අත්කිරීම මෙයින් අපේක්ෂා කරයි. Regenagri යටතේ සහතික කිරීම සහ කාබනික කෘෂි කර්මාන්තයට ඇතුළු වීම හා සමාගම් විසින් තම නිෂ්පාදන වෙන්කර හඳුනා ගැනීමට, නැඟී එන වෙෙළඳපොළ අවශ්‍යතා සපුරාලීමට හැකි ආකාරය පිළිබඳව විමසයි.
පුනර්ජනනීය කෘෂි වගා සහතික කිරීම පිළිබඳව රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරමින් අදහස් ඉදිරිපත් කළ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ පවසා සිටියේ මෙම කෘෂි පිළිවෙත් සහතික කිරීමේ වැඩපිළිවෙළ කාලීන අවශ්‍යතාවක් බවයි. මෙම යෝජනා පිළිබඳව රජය විසින් ඉතා බැරෑරුම් ලෙස සලකා බලන බවයි.
සමුළුවෙහි සමාරම්භය සඳහන් කරමින් Nucleus Foundation හී නිර්මාතෘ ඩේව් මැකන්සි අවධාරණය කළේ කෘෂි ආර්ථිකය පමණක් නොව අපනයන ආර්ථිකය නැංවීමට Regenagri මාවතක් වනු ඇති බවයි. සමුළුවෙහි සංවාදයන් හා අදහස් දැක්වීම් මතින් අනාවරණය වූයේ රටක් වශයෙන් නැඟී සිටීමට තවමත් අවස්ථා ඇති බවයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ – දිනමිණ ඇසුරිනි