මේ වන විට රට තුළ බොහෝ දුරට සූකර උණ රෝගය පාලනය වී ඇතැයිද එම ප්‍රමාණය 95%ක් පමණ යැයිද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය මේ බව පැවසුවේ අද (02) සුකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජයේ පශු වෛද්‍ය කාර්යාල 337ක් ලංකාව පුරා ඇතැයිද රෝගයක් වාර්තා කිරීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ රජයේ පශු වෛද්‍ය නිලධාරීයා බවද සදහන් කළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පසුගිය වසරේ නමවෙනි මාසයේ මෙරට සූකර උණ රෝගය පිළිබඳව වාර්තා වුණු බවද සදහන් කළාය.
දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක 25 සදහා සිටින විමර්ශන නිලධාරීන් 25 දෙනා විමර්ශනය කර පසු පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම රෝගය සූකර උණ රෝගය යැයි තහවුරු කළ බවද පැවසුවාය. මෙම රෝගය අධි ව්‍යාධිජනක වෛරසයක් බවද ඒ සදහා බෙහෙත් හෝ එන්නත් නොමැති අතර මෙය වළක්වාගත හැකි එකම ක්‍රමය ජෛව්‍ය ආරක්ෂණ ක්‍රමවේදය බවද පැවසුවාය.
එනම් තමන්ගේ ගොවිපොළට රෝගය පැමිණීම වළක්වාගත යුතු යැයිද ඒ සදහා සත්ත්ව රෝග පනතට අනූව තමා වෙත අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් හිමිවී ඇති බලතල ප්‍රකාරව ගැසට් නිවේදන මගින් ඒ සදහා බලයලත් නිලධාරීන් පත්කළ බවද පැවසුවාය.
සියලුම පශු වෛද්‍ය නිලධාරීන්, පළාත් අධ්‍යක්ෂකවරුන් සහ පශු විමර්ශන නිලධාරීන් ගොවිපොළවල් වෙත ගොස් පාලනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද එමෙන්ම ලෙඩ වුණු සතුන් ප්‍රවාහනය නැවැත්වීමටද ගැසට් මගින් නීති සම්පාදනය කළ බවද සෞඛ්‍ය සම්පන්න සතුන් පමණක් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබාදුන් බවද සදහන් කළාය.
සෞඛ්‍ය සම්පන්න සතුන් පමණක් ඝාතකාගාරයක ඝාතනය කළ හැකි බවද මස් සකස් කරන ස්ථානයක සැකසිය හැකි බවද පෙන්වා දුන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම ගැසට් පත්‍රයන්ට අනූව තමන්ගේ කොට්ඨාශය භාර පශු වෛද්‍ය නිලධාරියාගේ ලිඛිත නිර්දේශයක් නොමැතිව සතෙක් ප්‍රවාහනයට, ඝාතකාගාරයක සතෙකු ඝාතනය කිරීමටද, නොහැකි යැයි සදහන් කළාය.
ඝාතකාගාරයේ බැහැර කරන ද්‍රව්‍ය ක්‍රමානුකූලව බැහැර කළ යුතු යැයිද, ඝාතකාගාරය මනා ලෙස පවත්වාගෙන යන බවට පශු වෛද්‍ය නිලධාරියා සහතික යුතු බවද මස් සකස් කරන තැනක ක්‍රමානුකූලව මස් සකස් කළ යුතු බවද පෙන්වා දුන්නේය. එන්නත් නොමැති නිසා ඉතා දැඩිව මෙම කටයුතු කරගෙන යමින් මෙම රෝගය මෙලෙස පාලනය කරන බවද පැවසුවාය. මේ වෙනුවෙන් මාස 07ක කාලය සදහා ගැසට් තුනක් ගැසූ බවද සිහිපත් කළාය.
මෙම රෝගය පාලනයට ජනාධිපති කාර්යය සාධක බලකාය විසින්ද විහේෂ වැඩපිළිවෙලක් සකස් කළ බවද අවධාරණය කළාය. මේ වන විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවය මෙම රෝගය සම්බන්ධයෙන් වාර්තා නොවන බවද ඉතාම අතලොස්සක් එනම් ගොවිපොළවල් හතරක පහක පමණ ප්‍රමාණයක පමණක් වාර්තා වුණු බවද පැවසුවාය.
සූකර උණ තුරන් කරලා, සූකර කර්මාන්තය නගා සිටුවා ඉතා කෙටි කලකින් තිබූ තැනට යාමට බලාපොරොත්තු වන බවද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කළාය.