තේ පොහොර වර්ග 05ක මිල අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.  

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා  T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05 හි  මිල ගණන් අඩු කර තිබෙන අතර පසුගිය සතියේ සිට මෙම පොහොර වර්ගවල කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සහ රාජ්‍ය පොහොර සමාගම අතර පසුගිය දා පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400කි. මෙම විශාල මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගත් අතර ,  එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය වී ඇත. එයට හේතුව  වසර කිහිපයක් තිස්සේ තේ වගාවට  පොහොර නොයෙදීම නිසා තේ අළු අස්වැන්න සීග්‍රයෙන් අවමවීමයි.

මේ වනවිට එම පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අලෙවි කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සමාගම සතුව පවතී.  දැනට රාජ්‍ය පොහොර සමාගම සතුව පවතින තේ සඳහා වන මිශ්‍ර පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 815, 830කි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *