බවර් සමාගම කෘෂිකර්මාන්තයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණට

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිරසර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය.

ඉකුත් 4 වැනිදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවති මෙම වැඩසටහනේ මුලසුන දැරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.පී. නිශ්ශංක මහතා සහ Innovar Ag,LLC සමාගමේ උප සභාපති මෙන්ම කැන්සස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නිරවද්‍ය කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රේ අසෙබෙඩෝ මහතා ය. බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර්, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනක ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද FAO Sri Lanka ජ්‍යෙෂ්ඨ කෘෂි විශේෂඥ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිසරයේ බහුලවම ඇති මූලද්‍රව්‍යය වන නයිට්‍රජන් බෝග වර්ධනයට විශාල දායකත්වයක් සපයන නමුත්, නයිට්‍රජන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා දැවැන්ත පාරිසරික අභියෝගවලට මුහුණපෑමට සිදුවේ. ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය ආශ්‍රිත නයිට්‍රජන් මුදාහැරීම් වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, එනිසා පාංශු හායනය, ජල දූෂණය සහ හරිතාගාර වායු විමෝචනයට හේතු වී තිබේ. බෝග සඳහා යොදන නයිට්‍රජන් පොහොරවලින් සියයට 40කටත් අඩු ප්‍රමාණයක් බෝගවලට උරාගන්නා පසුබිමක, සෙසු නයිට්‍රජන් ප්‍රමාණය පරිසරයට එක්වීමෙන් දැවැන්ත හානියක් සිදුවේ.

මෙම පසුබිම තුළ 2016 වසරේදී සුපර් යූරියා පොහොර හඳුන්වාදීමට බවර් සමාගම පියවර ගත්තේය. සුපර් යූරියා යනු නයිට්‍රජන් පොහොරවල අමෝනියා වාෂ්පශීලීත්වය සහ පසේ නයිට්‍රීකරණය අවම කිරීමට සමත් සුවිශේෂී පොහොරවිශේෂයකි. තව ද එමගින් නයිට්‍රජන් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිකරමින් නයිට්‍රජන් අපතේයාම වළක්වන අතර බෝග අස්වැන්න වැඩිකරමින් පාරිසරික බලපෑම ද අවමකරයි. මෙම සුපර් යූරියා හඳුන්වාදීම වෙනුවෙන් බවර් සමාගම Innovar Ag සමාගම සමඟ ද විශේෂ සහයෝගිතාවකට මුලපිරීය. Innovar Ag වෙතින් හඳුන්වාදී ඇති N-Yield සහ NBound වැනි නිෂ්පාදන හරහා නයිට්‍රජන් අපතේයාම වළක්වමින් පාරිසරික බලපෑම අවම කරන අතර බෝග අස්වැන්න ද සියයට 22ක් දක්වා ඉහළ නංවයි. Innovar Ag, තම සමාගම සතු PENXCEL වැනි විශේෂ තාක්ෂණ මෙසේ වැඩිදියුණු කළ පොහොර නිෂ්පාදනයට යොදාගනියි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *