බිත්තර, කුකුල් මස් වලින් රට ස්වයංපෝෂිතයි – සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සංගමය

රට තුළ කුකුළු මස් සහ බිත්තර ලබා ගැනීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් රට ස්වයංපෝෂිත වී ඇති බවත් සමස්ත ලංකා කුකුළු ගොවිපොළ සංගමයේ (All Island Poultry AssociationAIPA) සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියලුම ගොවිපළවල් හරහා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, ප්‍රමාණවත් තරම් තොග වෙළෙඳපොළේ පවතින බවත්ය. රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නංවා ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, බිත්තර නිෂ්පාදනය ඉහළ ගියද, දේශීය වෙළඳපොළේ මිල පහත වැටුණද, රටේ බිත්තර පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව  සභාපතිවරයා පැවසීය.

“දැනට දේශීය වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ බිත්තර රුපියල් 30කටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රුපියල් 35කටත්, විශාල බිත්තර රුපියල් 40කටත් උපරිම වශයෙන් මිල කර තිබෙනවා. සිල්ලර මිල රුපියල් 32ත් 40ත් අතර වෙනවා. මහා පරිමාණ ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සඳහා රුපියල් 32 බැගින් වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළවල් සඳහා රුපියල් 33 සිට 34 දක්වා පිරිවැයක් දැරීමට සිදු වෙනවා’ ගුණසේකර මහතා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *