ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සිවිල් ඉංජිනේරු ලහිරුනි ජයතිලක මහත්මිය පැවසුවාය.
ප්‍රධාන වාරි වැව් 73 න් 16ක්ම වාන් දැමීමට පටන් ගෙන ඇති බවත් ඒවායේ ජල ධාරිතාව සියයට 57 දක්වා ළඟා වී ඇති බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
දිවයිනේ ප්‍රධාන වැව්වල ජල ධාරිතාව පහත පරිදි වේ.
- අම්පාර, අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්ක: සියයට 50යි
- මඩකලපුව දිස්ත්‍රික්කය: සියයට 38යි
- හම්බන්තොට, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක: සියයට 80ට වැඩි,
- මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක: සියයට 60කට වැඩි,
- පුත්තලම දිස්ත්‍රික්කය: සියයට 70,
- ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්ක: සියයට 42කි.
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල, බඳගිරිය, තිසා වැව, යෝධ වැව, වීරවිල වැව, මුරුතවෙල වැනි ජලාශ වාන් දැමීමට පටන් ගෙන තිබේ.
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය වැවේ වාන් දොරටු හයක් විවෘත කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල වැව සහ සොරබොර වැව මෙන්ම ඇල්ලේවෙල ජලාශය සහ කැකනදුර වැව්වල ද වාන් දොරටු විවෘත කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දෙකක් විවෘත කර තිබෙන අතර ගේට්ටුවලින් තත්පරයට ඝන අඟල් 4100ක් ජලය මුදා හැරීමට අමතරව කුරුණෑගල මැදයාව වැව සහ මොණරාගල ඇතිමලේ ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති බව ලහිරුනි ජයතිලක මහත්මිය පැවසුවාය.
දැනට ජලාශ සහ වැව් 21 ක ජල ධාරිතාව සියයට 90 ත් 100 ත් අතර වාර්තා වී ඇති අතර ජලාශ සහ වැව් 16 ක ධාරිතාව සියයට 70 ත් 90 ත් අතර වේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඉහළින් පැවතීම හේතුවෙන් වර්ෂාවත් සමඟ රට පුරා පිහිටි ජලාශවල ජල ධාරිතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජයතිලක මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.