ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති කැබිනට් හමුවේ දී නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට අනයනය කරන බවයි. රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මඟින් සහල් මෙරටට ආනයනය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.