කුරුල්ලන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවීන්ට අලුයම සිට සවස් වන තෙක් කුඹුරු මුර කිරීමට සිදුව ඇත.
කැලෑ, වෙල්යාය සහ වැව් හා වැව් අවට පරිසරය විවිධ පක්ෂීන්ගේ වාසස්ථාන බවට පත් වී ඇති අතර එය සිත් ඇදගන්නාසුළු දසුනක් නිර්මාණය කරයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව සහ අත්තිකුලම් ප්‍රදේශයේ වී කිරි වැදෙනමින් තිබෙන කුඹුරු යාය සුන්දර දසුනක් වුව ද ඒ සුන්දර දසුන රස විඳීමට ගොවීන්ට නම් නොහැකි ය. ඒ ඔවුන්ට ඊට වඩා භාරධුර හා වෙහෙසකර වගකීමක් පැවරී ඇති බැවිනි.
මෙම ප්‍රදේශයට ආවේණික සහ සංක්‍රමණික පක්ෂීන් විශාල ප්‍රමාණයක් කුඹුරු වලට පැමිණීම හා ඔවුන් වගා බිම් වලට දැඩිව හානි කිරීම පිළිබඳව ගොවීහූ කණස්සල්ලට පත්ව සිටිති.
වන අලි, දඬු ලේනුන්, මොනරුන් සහ රිලවුන් තම වගා බිම් වලට දැඩිව හානි කරමින් සිටිය දී විවිධ වර්ගවල පක්ෂීන්ගෙන් ද සිදුවන දැඩි හානි හේතුවෙන් තත්ත්වය තව දුරටත් උග්‍ර වී ඇති බව ගොවීහු පෙන්වා දෙති.
ඔවුන් පැවසුවේ කුඹුරු සහ ඒ අවට කැලෑ සංක්‍රමණික පක්ෂීන්ගෙන් පිරී ඇති බවයි. වැව් හා වැව් ආශ්‍රිත කැලෑවල සහ කුඹුරුවල විවිධ විශේෂවලට අයත් පක්ෂීන් නවාතැන් ගෙන ඇත.
‘සාමාන්‍ය ප්‍රමාණයේ රතිඤ්ඤා පැකට්ටුවක් දිනකට ප්‍රමාණවත් නැහැ. අපි දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නාස්ති වෙනවා’ ආඬිගම කපුරු මැණිකා පවසයි.
කුරුල්ලන්ගෙන් සිදුවන වගා හානිවලින් කුඹුරු බේරා ගැනීම සඳහා දිනපතා අලුයම සිට සවස් වනතුරු කුඹුරු රැකීමට සිදුව ඇති බවත් එය වෙහෙසකර කටයුත්තක් බවත් ගොවීහු කියති. රංචු පිටින් පැමිණෙන දස දහස් ගණන් කුරුල්ලන් කිසිම බියකින් තොරව වී කරල් කන බව ඔවුහු කියති.
වීවැව, සියඹලාවැව, දේවාලවැව, ගෝමවැව සහ තරණගහවැව වාරිමාර්ග යෝජනා ක්‍රමවල කුඹුරුවලට පක්ෂීන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව අන්තිකුලම ගොවියකු වන චමින්ද රාජපක්ෂ මහතා පැවසීය. ගොවීන් හිස් ටින්වලට පොලුවලින් පහර දී කුඹුරුවල ඇවිදීමෙන් හෝ රතිඤ්ඤා පත්තු කරමින් කුරුල්ලන් පළවා හැරීමට උත්සාහ කරන බව ඔහු පැවසී ය.
‘එ් දුෂ්කරයි. නමුත් අපට විකල්පයක් නැහැ. අපිට ඒක දරාගන්න වෙනවා. එහෙම නැත්තම් එක ඇටයක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. කුරුල්ලෝ පැය කිහිපයකින් වගාවන් විනාශ කරනවා” ඔහු පැවසීය.
තවත් වී වගාකරුවෙකු වන ආර්.එච්.එම්.ඒ.අබේරත්න කියා සිටියේ මේ තත්ත්වය වී වගාව අත්හැරීමට ගොවීන්ට බල කරන බවයි.
‘ගොවීන් හිස් කෑන්වලට පොලුවලින් පහර දෙමින් කුඹුරු වටේ ඇවිදීමෙන් හෝ රතිඤ්ඤා පත්තු කිරීමෙන් කුරුල්ලන් පළවා හැරීමට උත්සාහ කරනවා’ වී ගොවියෙකු වන රාජපක්ෂ, (අන්තිකුලම) ගොවි මහතා පවසයි.
“කුරුල්ලන්ගෙන් සහ වන සතුන්ගේ උවදුර තවත් උග්‍ර වෙලා. සොබාදහමට ආදරය කරන්නන් පවසන්නේ මෙම පක්ෂීන් ශීත කාලගුණයෙන් බලපෑමට ලක් වූ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ බවයි. එය ඔවුන්ට සුන්දර දසුනක් බව ඇත්තක්. කෙනෙකුගේ ආහාරය තවත් කෙනෙකුට වසයි. අපි ඉන්නේ බරපතළ අමාරුවක. සෑම රැළකම කුරුල්ලන් දහස් ගණනක් ඉන්නවා” රාජපක්ෂ ගොවි මහතා පවසයි.
අක්කරයක පමණ කුඹුරු ඉඩමක් ඇති ආඬිගම කපුරුමැණිකා පැවසුවේ තම පුතා සමඟ අලුයම සිට සවස් වනතුරු වෙල්යාය දෙස බලා සිටින බවත් කුරුල්ලන් පලවා හැරීමට රතිඤ්ඤා පත්තු කරන බවත් ය. “සාමාන්‍ය ප්‍රමාණයේ රතිඤ්ඤා පැකට්ටුවක් දිනකට ප්‍රමාණවත් නැහැ. අපි දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නාස්ති වෙනවා” ඇය පවසයි.
වල් අලි, වල් ඌරන්, දඬු ලේනුන් සහ ආවේණික පක්ෂීන්ගේ තර්ජන පිළිබඳව දීර්ඝ කාලයක සිට ඔවුන්ගේ ප්‍රධාන දුක්ගැනවිල්ල වූ බව ආන්ඩිකුලම ආර්.එච්.එම්. ඉන්ද්‍රානි මහත්මිය පැවසුවා ය.
‘දැන් ඒකට එකතු වෙලා තියෙන්නේ සංක්‍රමණික පක්ෂීන්” ඇය පැවසුවාය.
මේ අතර කැලෑ, වෙල්යාය සහ වැව් වැව් අවට පරිසරය විවිධ පක්ෂීන්ගේ වාසභූමි බවට පත්ව ඇති බව කුරුළු ලෝලීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. ශීත ඍතුවේ දී මෙම පක්ෂීන් දකුණු ආසියාවේ සිට හිමාල කඳුවැටිය සහ අග්නිදිග ආසියාවේ තෙත්බිම් හරහා සංක්‍රමණය වන බවත්, ඉතා කෙටි කාලයක් රැඳී සිටින බවත්, ඔවුන් ජීවත් වුවහොත් අප්‍රේල් මාසය වන විට පිටව යන බවත් ඔවුන්ගේ අදහසයි.
වාර්තාව සහ ඡායාරූප – dailymirror.lk