ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම ලබාදීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරු කෘෂිකර්මන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු ආධාරමත රුපියල් මිලියන 117 ක වියදමින්, දකුණු ආසියාවේ ප්‍රථම වරට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනයේ අක්කර 03 ක පමණ වපසරියක ඉදිකරන ලද දේශගුණික සුහුරු කෘෂිකර්ම ගොවි පුහුණු පාසල පුහුණු වැඩසටහන් 86 කදී ගොවි නායකවරියන් 788ක් ඇතුළු සමස්ත ගොවි නායකයන් 1966ක් පුහුණු කර ඇත.
මෙලෙස පුහුණුව ලැබූ ගොවි නියාමකයන් විසින් වයඹ, උතුරු මැද, උතුරු, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත් යන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන පළාත් හයේ ගොවින් 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට මේ වනවිටත් දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව තමන් ලබාගත් දැනුම බෙදා දී ඇත.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය, දේශගුණ සුහුරු කෘෂිකර්ම තාක්‍ෂණ භාවිතය සඳහා ව්‍යාපෘති බලප්‍රදේශයේ ජීවත්වෙන ගොවි ප්‍රජාව යොමුකරවීම, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් දරා ගැනීමට සහ අනුවර්තනය කිරීම සඳහා පුහුණු කිරීමට, මෙම පුහුණු පාසල ඉදිකිරීමෙන් අපේක්ෂා කරයි. ව්‍යාපෘති කාල සීමාව තුළ තාක්ෂණික නිලධාරීන් සඳහා පුහුණු සැසිද ක්‍රියාත්මක කරයි.
ගොවි පුහුණු පාසලේ ඉදිකිරීම් කටයුතු 2021 දෙසැම්බර් 22 වන දින ආරම්භ කළ අතර, 2022 දෙසැම්බර් 04 වන දින පුහුණු පාසල විවෘත විය. දේශගුණයේ වෙනස්වීම් නිසා දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගොවීන්ට දේශගුණ සුහුරු කෘෂිකර්ම ක්‍රම භාවිතයන් සහ තාක්ෂණය පිළිබඳ අත්දැකීම් ලබා දීම, දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්තනය කිරීම, ආහාර සුරක්ෂිතතාව සඳහා වන අභියෝගවලට මුහුණ දීම සඳහා ගොවීන් පුහුණු කිරීමට සහ සුහුරු කෘෂිකර්ම භාවිතයන් සහ තාක්ෂණයන් පිළිබඳ අත්දැකීම් ලබා දීමට ගොවිපොළ පුහුණු පාසල භාවිතා කරන බව පාසලේ සම්බන්ධිකාරක සජිත් ඒකනායක මහතා පවසයි.
ගම තුළ දේශගුණික සුහුරු කෘෂිකාර්මික දැනුම බෙදා හැරීම සඳහා වේදිකාවක් ස්ථාපිත කිරීම සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන කොට්ඨාශ 47ම ආවරණය වන පරිදි දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙන ප්‍රදේශවල පදිංචි ප්‍රතිලාභීන් අතර දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය බෙදා හැරීමට, දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර අනතුරුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රටේ දේශගුණික විපර්යාසවල බලපෑමට ගොදුරු විය හැකි සමස්ත ගොවි ප්‍රජාවන් වෙත දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය සහ භාවිතයන් බෙදා හැරීමට සැලසුම් කිරීම දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි.
මූලාශ්‍රය – https://www.agrimin.gov.lk/web/index.php/si/si/news-and-events-si/2434-13-10-2024-1s