වී සදහා සහතික මිල ළඟදීම – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් ගොවියාට ඉතා සාධාරණා ලාභයක් ලබාදීමට කටයුතු කරන බවද අවධාරණය කර සිටියි.

ඒ සමගම හාල්වල මිල ඊට ගැලපෙන ලෙස තීරණය කරන බවත් එමඟින් පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහ මෝල්හිමියන්ට මෙන්ම අවස්ථාව කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ටද අවස්ථාව ලැබෙන බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ මෝල්හිමියන්ට අඩු පොලියට ණය දීමේ වැඩසටහනක්ද රජය සකස් කර තිබෙන බවත් පැවසීය.

කෙසේ වෙතත් දැනට රටතුළ පවතින සහල් ප්‍රශ්නය ඉදිරි සති තුන ඇතුළතදී විසඳෙන හෙයින් ඉදිරියේදී එය සාකච්ඡාවෙන් බැහැර වන මාතෘකාවක් විය හැකි බවද ඔහු විශ්වාසය කරන බව සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *