ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 86% ඉක්මවලා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි.

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්ක 98%ක් ලෙස වශයෙන් සටහන් වී ඇති බව සදහන් වේ.

මේ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බැවින් එම ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානය යොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *