යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  සාකච්ඡා කෙරිණි. 

ඒ එම කාරක සභාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී යල කන්නයේ වැඩි  බිම් ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමේ  අපේක්ෂාවෙන් මෙලෙස කුඹුරු සඳහා ජලය මාර්තු මස 15 වැනිදායින් පසුව  නිකුත් කිරීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

එමෙන්ම  ලබන අප්‍රේල් මස අවසාන වනවිට සියලුම කුඹුරු වගා කර අවසන් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

තවද කුඹුරු ඉඩම් ගොඩකීරීම සම්බන්ධවද පවතින ගැටලු පිළිබඳවද මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානය යොමු කළහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා “එක මිටට ගොවි බිමට” යන වැඩසටහන පිළිබඳව පැහැදිළි  කිරීමක් සිදු කළ අතර. ඒ අනුව එම වැඩසටහන  පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහක් නොවන බවත් ඒ ඒ ප්‍රදේශයන් හි විද්‍යාත්මක පදනමකින් වගා කළ හැකි බෝග හඳුනාගෙන අදාළ ප්‍රදේශයේ  ගොවිජන කොමසාරිස්වරයාගේ අනුමතිය සහිතව එම බෝග වර්ග වගා කල හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *