වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන්

ග්‍රාමීය දිළිඳු භාවය දුරු කිරීම සඳහා කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් වැඩිදියුණුකර ගැනීම ඉලක්ක කොට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ මේ වන විට වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා ව්‍යාපෘතිය මඟින් කාන්තාවට ලබා දෙන දායකත්වය වැඩිකිරීම මෙම වැඩසටහන්වල අරමුණ වී තිබේ.

හරිත දේශගුණ අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වියළි කලාපයේ එල්ලංගා පද්ධති මූලික කරගනිමින් වැව් පිළිසකර කරලීමේ ක්‍රියාන්විතයට අමතරව වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වියළි කලාපීය කාන්තාවන් සවිබලගැන්වීම යටතේ වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කරමින් තිබෙන ව්‍යාපෘතියකි. පවතින දේශගුණ අර්බුද හමුවේ වියළි කලාපීය කාන්තාව දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තය සදහා යොමු කිරීමට අඛණ්ඩව සිදු කරන අතර දී කෘෂිකර්මාන්තයට නොවන ජීවනෝපාය සංවර්ධනය මෙන්ම අගය එකතු කිරීමේ ක්‍රියා දාමය සඳහා ද මොවුන් යොමු කිරීම සිදු කරයි.

මෙම ක්‍රියාන්විතයේදී සිදු කරන වැඩසටහන් අතර පානීය ජල ගැටලුව මූලික කරගෙන ඇත. එම කර්ත්‍යව සඳහා සිදු කරන වැඩසටහන් අතර තෝරාගත් එල්ලංගා පද්ධති තුළ අවදානම් කණ්ඩායම් සහිත ගෘහයන් ඉලක්ක කරගනිමින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාන්විතයක් දියත් කරයි.

එහිදී කාන්තා මූලික ගෘහයන් හා වකුගඩු රෝගය හෝ අබාධිත පුද්ගලයන් සහිත ගෘහයන් මූලික කරගමින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය වැසි ජල ටැංකි හා අවශ්‍ය පුහුණුව හා දැනුම ලබාදී ඔවුන්ගේ පානීය ජල ගැටලුව නිරාකරණය කර දීමත් ජීවිකාව ගෙනයාමට නිසි ආදායම් මාර්ගයක් ලැබීමට ගෙවතු වගා ක්‍රමය හඳුන්වා දී පලතුරු පැළ වර්ග ලබා දී අවශ්‍ය මනා පුහුණුවක්, තාක්‍ෂණික දැනුම සහ උපකරණ ලබා දීම සිදු කෙරේ.

ඊට අමතරව ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතාවය මෙන් ම ආර්ථික මට්ටම ස්ථාවරත්වයකට ගොඩ නංවාලීමට අපගේ දායකත්වය සපයයි. එමෙන්ම වියළි කලාපයේ පුත්තලම වැනි දිස්ත්‍රික්කයන් හි ගම්මාන කේන්ද්‍ර කරගනිමින්, කච්චිරාව, කුද්දෙටියාව, නාරවිල නමින් රුපියල් මිලියන 150ක පමණ වියදමකින් දිනකට ජල ලීටර 280,000ක් පිරිපහදු කළ හැකි විශාල පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ වූයේ මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ද බලාපොරොත්තුවක් ඇති කරමිනි. එම පානීය ජල ව්‍යාපෘතිය මඟින් ජල සබඳතා 375ක් හරහා මෙම ගම්මානයන් හි වැසියන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දී ඇති අතර, මෙවැනි ව්‍යාපෘති රැසක් වියළි කලාපය පුරාවට දියත් කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ කළමණාකරණ ව්‍යාපෘතිය (වැව්ගම් පුබුදු‍ව), ව්‍යාපෘති අධ්‍යක්ෂ, දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල, ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *