ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ පොහොර සැපයුම්දාමය ශක්තිමත් කිරීම හා සමෝධානික පොහොර කළමනාකරණය කිරීම මගින් රජයේ ආහාර සුරක්ෂිතතා අරමුණු ඉටු කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයකි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ මඟ පෙන්වීම මත මෙම අරමුණු ඉටු කර ගැනීමේ කිරීමේ ක්‍රියාදාමයන් කඩිනම් කිරීමේ ඉදිරි වැඩ පිළිවෙල පිලිබඳ සාකච්ඡාවක් පොහොර සංවර්ධන අංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික්භාර ඉහළ නිලධාරීන් සමඟ අද දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී (ජුනි 05) පවත්වන ලදී.

මෙහිදී දිස්ත්‍රික් පොහොර අනු කමිටුවේ කාර්යභාර්යයන් ශක්තිමත් කිරීම, දිස්ත්‍රික් මට්ටමේ පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම හා පොහොර නියාමන කටයුතු විධිමත් කිරීම පිළිබඳව පැන නැඟී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

ප්‍රමාදයකින් තොරව ගුණාත්මක පොහොර වගා කටයුතු සඳහා යෙදීම තහවුරු කිරීමේ ඉදිරි වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවය මෙහිදී විශේෂ අවධානයට යොමු වූ අතර සියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව තුළ නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණය මඟින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙලක් සැකසීම සඳහා සැලසුම් සකස් කිරීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *