සිලෝන් ලුම්බිණි තේ නිම්න සමාගම Regenagri , Solidaridad Asia, Nucleus Foundation සමඟ හවුලක්
මෙරට සුහුරු කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා සිලෝන් ලුම්බිණි තේ සමාගම , සහ ආයතනය උපායමාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ Regenagri සමාගම සහ Solidaridad Asia, Nucleus Foundation සමාගම් අතර හවුල්කාරිත්වයක් ඇතිකර ගත්තේය. මේ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා කොළඹ හැව්ලොක් සිටි ක්ලබ් හවුස් හි සිදුවිය.
“පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සඳහා සහතිකය ලබා ගත් ලොව පළමු කණ්ඩායම ලෙස ලුම්බිණි සමාගම ලෙස අප ගත් ඓතිහාසික පියවර අපගේ සමාගමේ පමණක් නොව ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ ඉදිරි පියවරක්” යැයි අදහස් දැක්වූ සිලෝන් ලුම්බිණි වේලි සමාගමේ කළමනාකර අධ්යක්ෂ චමින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ Solidaridad Asia, සහ Nucleus Foundation, සමඟ මෙම නව හවුල්කාරිත්වය ඊළඟ පියවර වෙත පිවිසීමට මඟ හෙළිකරන බවයි. සහතික කිරීමෙන් ඔබ්බට පසට ස්වාභාවික ලෙස කාබන් ඇතුළත් කිරීම, පුනර්ජනනීය භාවිතයන් සහ නව්‍ය වෙෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට මඟ සලසාලීම යන මූලික කරුණු තුනම දිනාගැනීමට හැකියි. එය අප සතු පාරිසරික වගකීම ශක්තිමත් කරන අතරම ජාත්‍යන්තර තේ වෙෙළඳපළවල තරඟකාරිත්වය මෙන්ම ඒ අතරින් ඉහළ අගයක් නියම කිරීමට ඇති හැකියාව තහවුරු කරයි. ”
Solidaridad Asia හි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ශතාදෘ චට්ටෝපාධයාය මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසීය.
“ලොව ප්‍රථම සමූහ පුනර්ජනනීය කෘෂිකාර්මික සහතිකය ලබා ගැනීමේදී සිලෝන් ලුම්බිණි තේ නිම්න සමාගමේ නායකත්වය, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකියි. මෙමඟින් “තේ” වෙළෙඳපොළෙහි නව ගෝලීය මිණුම් සලකුණු සැකසිය හැකි ආකාරය පෙන්නුම් කරයි. මෙම අවබෝධතා ගිවිසුම “තේ”වල ගුණාත්මකභාවය පිළිබඳව සහතික කිරීම ගැන පමණක් නොව, තිරසර ගෝලීය රෙගුලාසි අනුගමනය කිරීම. “තේ”වල ගුණාත්මකභාවය දේශගුණයට ඔරොත්තු දෙන, වෙෙළඳපොළට වඩාත් උචිත සහ අනාගතත වෙළෙඳපොළ සහ නිෂ්පාදන අභියෝගයන්ට ඔරොත්තු දියහැකි කර්මාන්තයක් බවට පරිවර්තනය වියහැකි නවෝත්පාදන ක්රියාදාමයකි. ඒ සඳහා Solidaridadහි තාක්ෂණික විශේෂඥතාව සහ ජාත්‍යන්තර ජාල, ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සමඟ Nucleus Foundation හි සක්‍රිය දායකත්වය වෙෙළඳපොළවල අවස්ථා විවෘත කිරීමට සහ කාබන් මූල්‍යකරණයට පිවිසීමට සිලෝන් ලුම්බිණි වේලි සමාගම වෙත සහාය වනු ඇත. ඒ සාමූහිකත්වය වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකා තේවල තරගකාරිත්වය ශක්තිමත් කරනු ඇත.”
2024 දී, ගෝලීය තේ කර්මාන්තය තුළ පුනර්ජනනීය කෘෂි කර්මාන්තයේ පුරෝගාමී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රෙජෙනග්රි සමූහ සහතිකය ලබා ගත් ලොව ප්‍රථමයා බවට ලුම්බිණි පත්විය. මෙම ජයග්‍රහණය මත පදනම්ව සහ තිරසරභාවය සඳහා නොසැලෙන කැපවීමකින් යුතුව, සමාගම දැන් සොලිඩාරිඩාඩ් හි සහාය ඇතිව, පුළුල් ලෙස ස්වාභාවිකව පසට කාබන් ඇතුළත් කිරීමේ වැඩසටහනක්, උසස් පුනර්ජනනීය ගොවිතැන් පිළිවෙත් අනුගමනය කිරීම, ශක්තිමත් භාරකාර පද්ධති දාමයක් සංවර්ධනය කිරීම, පස, ජලය සහ ජෛව විවිධත්වය නිරීක්ෂණය සඳහා නව්‍ය කෘෂි තාක්ෂණය හඳුන්වාදීම සහ රෙජෙනග්රි සහතික කළ තේ ඉලක්කගත වෙළෙඳපොළ ප්‍රවර්ධනය ඇතුළත් කිරීමට සිය උත්සාහයන් පුළුල් කරනු ඇත – දේශගුණික-ස්මාර්ට් කෘෂි කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කරයි.