වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් බෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ.

උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග සඳහා මෙම සහනදායී රක්ෂණ ක්‍රමයක් හදුන්වා දී ඇත.

ඒ අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් වැනි මුදලක් මගින් රක්ෂණය කල විට, එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වනඅලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබාදීමට සැලසුම්කර තිබේ.

මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල විට සිදුවන හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

වනඅලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *