“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම  සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  වශයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

තිරසර කෘෂී අරමුදලේ පවතින අරමුදල්වලින් රුපියල් මිලියන 800ක මුදලක් තිරසර කෘෂී වැඩසටහන 2026 වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිතය.

කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශිය නිෂ්පාදනයට කෘෂිකර්මඅංශයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) ශ්‍රි ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වේ.

එම වැඩසටහන කෘෂීකර්ම,පශු සංම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් ශ්‍රි ලංකා මහබැංකුවේ ප්‍රාාද්ශිය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

කුඩා පරිමාණ කෘෂී ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ලබා දි ඇති ණයවල සියලුම අයකර ගැනීම් කෘෂිකාර්මික ණය ලබා දීම සඳහා වෙන් වූ “තිරසර කෘෂි අරමුදල” යනුවෙන් නම් කරනු ලැබ ඇති වක්‍රීය අරමුදලකට යොමු කරනු ලැබේ.

එකී අරමුදල භාවිත කරමින් කෘෂීකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා “තිරසර කෘෂී වැඩසටහන” නමින් කෘෂීකාර්මික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *