ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වෙන හේමන්ත දෙණිපිටියගේ මුලින්ම කලේ රැකියාවක්. නමුත් මේ රැකියාව අතරතුර හේමන්තටත් විවිධ ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින් හමුවෙනවා. ව්‍යාපාර කරන අයගේ ජීවන විලාසය හේමන්තගේ හිත් ගන්නවා. ඔවුන් වියදම් කරන ආකාරය, තීරණ ගන්නා ආකාරය වගේම ඔවුන්ගේ ජීවන විලාසිතාවන් ගැන හේමන්තට වෙනම කියැවීමක් තිබුණා. රැකියාවක් පමණක් කිරීමෙන් ජීවිතය එක් සීමාවකට කොටුවී ගෙවියයුතු වුවත් ව්‍යාපාරයක් කිරීමේදී සීමාවන් පුළුල්වන බව හේමන්ත වටහාගත්තා. ඒ අනුව රැකියාවෙන් ඉවත් වෙලා ඔහුට හැඟෙන ආකාරයේ ව්‍යාපාර ඇරඹුවා. ඒ ව්‍යාපාර බොහොමයක් මිලදී ගැනීම් සහ විකිණීම මත පදනම් වුණා. ඉන්දියාවෙන් රෙදි පිළි ගෙන ඒම, වැනි ව්‍යාපාරවලින් කාලෙකට ආදායමක් ලැබුණත් කාලෙකට හොඳ ආදායමක් නෑ. මේ අතරෙදි ඔවුන් අන්නාසි වගාව ඇරඹුවා. අන්නාසිවලින් ආදායම් ලබාගැනීමට වසරක් පමණ බලා සිටීමට සිදුවෙනවා. නමුත් අන්නාසි වගාව කිසි විටකත් පාඩු ලබන ව්‍යාපාරයක් නෙවෙයි.
හේමන්ත වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර 06, 07ක් බවට කෙමෙන් වැඩි කළා. “අන්නාසි ගස්වල එක පෙළට රතුපාටින් මල් පිපිලා දවසින් දවස ඒ මල් කොළ පාටට හැරිලා ගෙඩි බවට පත්වෙනවා. ගස්වලට හොඳින් සත්කාර කළවිට හොඳ අස්වැන්නක් ලැබෙනවා. අන්නාසි වගාවේ විශේෂත්වය එක ගහකින් පැළ 7 – 8ක් ලැබෙනවා. ඒවා නැවත වගා කිරීම හෝ විකිණීමෙන් අමතර ආදායමක් ගත හැකියි. එක් පැළයක් සිටුවීමෙන් පසු තුන්වතාවක් අස්වැන්න ලබාගත හැකියි. අන්නාසි අස්වැන්න හොඳ තත්ත්වයක පැවතියත් අතර මැදි වෙළෙන්දෝ බොහෝවිට ගෙඩියේ පෙනුම සහ විශාලත්වය අනුව කොටස් කීපයකට බෙදනවා. දේශීය වෙළෙඳපොළේදී අස්වැන්න වැඩි කාලෙට හොඳ මිලක් ලබාගැනීම අසීරුයි.
නමුත් අපේ රටේ අන්නාසි මොනතරම් රසවත් පලතුරක්ද? අපේ රටේ තියන සීමිත වෙළෙඳපොළ නිසා වැඩි අස්වැන්නක් ලැබෙන සෑම අවස්ථාවකදීම ගොවියාට නියම මිල ලැබෙන්නේ නෑ. ඒ නිසා මම හිතුවා වෙළෙඳපොළේ සිදුවන අවාසිය පරාජය කිරීමට නම් අපනයන වෙළෙඳපොළ ජයගතයුතු බව. ඒ අනුව මම ඒ පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කළා. අවශ්‍ය තාක්ෂණික පුහුණුව වගේම ඒ සඳහා ලබාගත යුතු සහතික ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගත්තා. විදෙස් වෙළෙඳපොළ වෙත අන්නාසි ඉදිරිපත් කිරීමේදී සකස් කරන ආකාර සහ ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම ශිල්ප අවශ්‍ය යන්ත්‍රෝපකරණ පිළිබඳව දැනුම ලබාගත්තා. ඉන් අනතුරුව ඒ සඳහා ගොඩනැඟිල්ල ඉදිකරන අතර අන්නාසි රට යවන සමාගමකට සැපයුම්කරුවකු ලෙස නිෂ්පාදන කිරීමට මැකි මට්ටමේ යන්ත්‍ර මෙන්
නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනැඟුවා. ඒ සඳහා කිසිදු ආයතනයකින් ණය මුදලක් හෝ ලබා නොගෙන කටයුතු කිරීම අභිමානයක් ලෙසයි එකල අපි විසින් විශ්වාස කළ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය වුණේ. නමුත් කොරෝනා කාලයත් සමඟ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. අන්නාසි මිල ඉහළ යාම වගේම මිල ඉහළ යාම් දරාගත නොහැකි වුණා. බලශක්තීන් ලබාගැනීමට අවශ්‍ය භූමිතෙල් ආදිය නිසි ලෙස ලබාගත නොහැකිවීම වැනි ගැටලු නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවුණා. කර්මාන්ත ශාලාව නඩත්තු කිරීමේදී දිනක ඉන්දනවලට පමණක් 18,000ක පමණ මුදලක් වැය වෙනවා. සේවක වැටුප් ආදිය සැලකීමේදී මාසිකව නිෂ්පාදන පිරිවැය සඳහා මිලියන 20ක මුදලක් වැය වෙනවා. මේ අතර අපිට ලැබී තිබුණු ඇණවුමත් සීමා වුණා. මේ හේතු නිසා නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදු වුණා. සේවක වැටුප්, අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් කළ නොහැකි වුණා. අපේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටුණා. යනුවෙන් පැවසූ හේමන්ත දෙණිපිටිය මහතා දිගු සුසුමක් පිටකළේ අසීරු කාලයක් ගෙවා දැමූ බවට ඉඟි කරමින් Ramira Lanka (pvt) Ltd ව්‍යාපාරයේ නොසැලෙන ශක්තිය හේමන්ත දෙණිපිටිය මහතාගේ බිරිය නදීශා ලක්මාලි මහත්මියයි. කතාවේ ඉතිරි අර්ධය පිළිබඳව ඇය ඌනපූරණය කළේ මෙසේයි.
ඊට හේතු වුණේ අපි කර්මාන්ත ශාලාව ගොඩනැඟීමේ සිට සෑම කටයුත්තක්ම සඳහා යෙදවූයේ අපසතු ඉතුරුම්. විශාල මුදලක් ආයෝජනය කළ නිසා එදිනෙදා නිෂ්පාදන කටයුතු සඳහා මුදල් නොමැති තත්ත්වක් උද්ගත වුණා. අවසාන වශයෙන් කළ හැකිව තිබුණේ සියලු දේපළ විකුණා දැමීම පමණයි. අපි රුපියල් 15,000ක් වියදම් කරලා පුවත්පත් දැන්වීමක් පවා පළ කළා. කර්මාන්ත ශාලාවත් නිවසත් සමීපයේ එකටම පිහිටා ඇති නිසා කර්මාන්ත ශාලාවත් සමඟ නිෙවසත් විකිණීම ඇර වෙනත් විකල්පයක් තිබුණේ නෑ. ඒ අතර කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අපිට උපදෙස් ලබාදෙන නිලධාරී මහත්මිය අපට RDB බැංකුවෙන් සහනයක් ලබාගන්නා ලෙසත් උපදෙස් දුන්නා. ඒ අනුව ඉතාමක් සුළු පොලියකට අපිට ලක්ෂ 25ක ණයක් ලැබුණා. ඒ මුදලින් නිෂ්පාදන කටයුතු ඇරඹුවත් පැවති ආර්ථික ගැටලු නිරාකරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් නැති වුණා.
අපි නැවතත් ණය ඉල්ලමින් RDB බැංකුව වෙත ගියා. කොහොම වුවත් ඒ වනවිට අපි අන්නාසි වගාව හැකි තරම් ව්‍යාප්ත කර තිබුණේ. ඉදිරියේ ආදායම් ලැබීමට නියමිත වගාබිම් කීපයක්ම අප සතු වුණා. ඒ ගැන වගේම අපේ ඉදිරි සැලසුම් ගැන වාර්තා සකසමින් RDB බැංකුව වෙත නිරන්තරයෙන් ගියා. බැංකුවෙන් ලැබුණ පිළිතුර වූයේ තවදුරටත් ණය ලබාදිය නොහැකි බවයි. කෙසේ කොහොම වුණත් අපිත් උත්සාහය අත්හැරියේ නෑ අන්තිමේදී RDB බැංකුව අපිට සැලකිය යුතු මට්ටමක විශාල ණය මුදලක් අනුමත කොට දුන්නා. ඒ නිසා අපිට නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමට හැකිවුණා.
මේවනවිට Ramira Lanka ව්‍යාපාරය දිනකට අන්නාසි බෝතල් 300ක් පමණ අපනයන වෙළෙඳපොළ වෙත නිෂ්පාදනය කළ හැකි මට්ටමට දියුණු වී තිබේ. එසේම අතරමැදියෙකු හරහා අපනයන වෙළෙඳපොළ වෙත යැවීම සිදු කරයි. මේවනවිට අන්නාසිවලට අමතරව තවත් දේශීය සහ ඖෂධීය වටිනාකමක් ඇති නිෂ්පාදන අටකට වැඩි ප්‍රමාණයක් විදෙස් වෙළෙඳපොළ වෙත යැවීම සඳහා සූදානම් කොට පවතින අතර ඉදිරියේදී විදෙස් ඇණවුම් අතරමැදියෙකු නොමැතිව ලබාගැනීමට අපේක්ෂා කරයි. ඉදිරියේදී එම නිෂ්පාදන යැවීමට අවැසි සහතික කිරීම් සහ අනුමත කිරීම් සඳහා මූලික කටයුතු සිදු වෙමින් තිබේ.
අන්නාසි රසවත් ගුණවත් පලතුරකි. ඒවා ජෑම් බෝතලයක තරම් බෝතලයක් යුරෝපයේදී ඩොලර් 5ක 6ක මිලකට අලෙවි වෙයි. වෙනස් විදිහට සිතමින් අපේ දෑ විදෙස් වෙළෙඳපොළ වෙත ලබාදීමට උත්සාහ ගැනීම හුදු ව්‍යාපාරයත් පමණක් නොව රටක් දිනවීමට අවැසි මාවතකි. දෙපළ ගියේ ඒ මාවතේයි. ඔවුන්ගේ ව්‍යාපාරය 25 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබාදී තිබේ. ඔවුන් සැබවින්ම රටට බරක් නැති රටේම පැසසුමට ලක්වියුතු යුවළකි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ – මූලාශ්‍රය – දිනමිණ පුවත්පත