ආහාර ප්‍රමිතීන් උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය හඳුන්වා දෙයි

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA – FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත.

ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාව යන තේමාව යටතේ පවත්වනු ලැබූ මෙම සම්මන්ත්‍රණයේදී රාජ්‍ය ආයතනයන් හි මෙන්ම පුද්ගලික අංශයේ ආහාර – පාන කර්මාන්තයේ නියුතු නිලධාරීන්ට ගෝලීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ ක්‍රියාවලිට පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දීමට කටයුතු කර තිබුණි.

මෙරට ජාතික තත්ත්ව සහ ප්‍රමිති පද්ධතිය නඟා සිටුවීමේ ව්‍යාපෘති අරමුණු සමඟ යමින් ප්‍රමිති සංවර්ධනයේ නිරතව සිටින ශ්‍රී ලාංකේය නිලධාරීන් දැනුමින් සන්නද්ධ කිරීමට මෙහිදී කටයුතු කර තිබුණි. ඒ අනුව නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්ත ප්‍රමිතීන් සංවර්ධනය හා ඒවායෙහි සුදුසු/නුසුදුසු බව සොයා බැලීම සඳහා වගකීමක් සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන් නිර්මාණය කිරීමට ඔවුන්ව දැනුමින් පෝෂණය කිරීම මෙම සම්මන්ත්‍රණයේදී සිදු විය. ප්‍රමිති සංවර්ධනයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *