නවෝත්පාදන යනු සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙවලමක් වන අතර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී නව නිපැයුම් සහ නව්‍යකරණයන් අත්වැල් බැඳගත යුතුය. නවෝත්පාදනයන් රික්තකයන් තුළ සිදුනොවන අතර එය සිදුවන්නේ නවෝත්පාදකයින් විසින් දැනුම ලබාගෙන එය නව අදහස්, භාවිතයන් හෝ නිෂ්පාදන ලෙස සමාජ ආර්ථික ක්‍රියාවලියන් සඳහා ඉදිරිපත් කිරීමෙනි. නවෝත්පාදන සහ නව්‍යකරනයන් බොහෝ රටවල සංස්කෘතියක් බවට පත්ව ඇති අතර එය රටක් සංවර්ධන මාවතකට යොමුකිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් වෙයි. එබැවින් බොහෝ රටවල් ජාතික අයවැයෙන් සැලකිය යුතු කොටසක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරයි.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව, වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි වසර 20ක කාලය තුළ ගෝලීය ආහාර ඉල්ලූම 50%කින් ද බල ශක්ති ඉල්ලූම 45්‍ර කින් සහ ජල ඉල්ලූම 30්‍ර කින්ද ඉහළ යන බවට පුරෝකථනය කර ඇත. ඉහළ යන ජනගහනය, නාගරීකරනය, දේශගුණික විපර්යාස, අධික නිෂ්පාදන පිරිවැය සහ ජෛව ඉන්ධන සඳහා වන ඉහළ ඉල්ලූම වැනි නැඟී එන ගැටලූ හමුවේ අපගේ ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධති දැඩි අභියෝගයන්ට මුහුණ දෙනු ඇත. කෘෂිකාර්මික අංශය මුහුණදෙන සංකිර්ණ ගැටලූ සමඟ කටයුතු කිරීමට නම් නව දැනුම, නව්‍යකරණයන් සහ නවෝත්පාදනයන් තුළින් තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයකට අනුගත විය යුතුය. මේ සඳහා විධිමත් කෘෂිකාර්මික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති අවශ්‍ය වෙයි. එබැවින් කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහා නවෝත්පාදන සහ නව්‍යකරණයේ අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි කිරීමේ අරමුණින් මෙම ලිපිය සැකසෙයි.
ආන්තික කාලගුණික සහ දේශගුණික විපර්යාස, වෙළඳපොළ අස්ථාවරත්වය, දේශපාලන අස්ථාවරත්වය ඇතුළු විවිධ අවදානම් වලට ආහාර සහ කෘෂිකාර්මික පද්ධති ගොදුරුවෙයි. තවද ගෝලීයකරණය, තාක්ෂණය සහ පාරිසරික බලපෑම් සමඟ ඒකාබද්ධ වූ සැපයුම් දාමයන් කෘෂිකර්මාන්තයේ විෂය පථය පුළුල් කරයි. මේනිසා ඉහළ යන ආහාර ඉල්ලූම පවත්නා සීමාවන් යටතේ සපුරාගත යුතුව ඇත. දේශගුණික විපර්යාස මඟින් කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධති වල තිරසාරභාවය සඳහා සෘජුව බලපැම් ඇති කරයි. දේශගුණික විපර්යාසයන්හි විවිධ ස්වරූප නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල වන අතර එමඟින් වෙළඳපොළ මිල ගණන් ඉහළ යාම සිදුවෙයි. ආර්ථික අස්ථාවරත්වය හා ආහාර මිල උච්ඡාවචනය හේතුවෙන් නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින්ද අවදානමකට මුහුණ දෙයි. එලෙසම කෘෂි නිෂ්පාදන පද්ධති වල ඵලදායිතාව අඩුවීමෙන් කෘෂිකර්මාන්තය මඟින් ආර්ථිකයට ලබා දෙන දායකත්වය අඩුවෙයි. දේශීය නිෂ්පාදනය අඩුවීම හරහා ආනයනය වැඩි කිරීමට සිදුවෙයි. එමඟින්වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටින් බැහැරවේ. දේශගුණික රටාවල සිදුවන හදිසි වෙනස්කම් හේතුවෙන් ඇතැම් කෘමි සතුන්ගේ ජනපද ඝනත්වය ඉතා ඉහළ මට්ටමක වර්ධනය විය හැකිය. එවැනි අවස්ථා වලදී බෝග නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන හානියද ඉතා ඉහළය.
ගෝලීය ආහාර නිෂ්පාදනය සඳහා වන සමස්ත සාධක ඵලදායිතා වර්ධන වේගය (Total Factor Productivity) පහත වැටීම හරහා ගෝලීය ආහාර සහ පෝෂණය සුරක්ෂිතතාව මෙන්ම ආහාර හා කෘෂිකාර්මික පද්ධති වල තිරසාර බව කෙරෙහි ද ප්‍රබල බලපෑමක් ඇති කරයි. වර්තමානයේ කෘෂිකර්මාන්තය සඳහා සමස්ත ජල පරිභෝජනයෙන් 70්%ක් පමණ යෙදවෙයි. උදාහරණයක් ලෙස තිරිඟු, සහල් සහ මස් කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනයට පිළිවෙළින් ජලය ලීටර 1500ක්, 2500ක් සහ 15,000ක් අවශ්‍ය වෙයි.
ගෝලීය ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වේගවත් නාගරීකරණය මඟින් ඉඩම් හා ජල සම්පත් සඳහා තරඟයක් නිර්මාණය වෙයි. මේ නිසා අඩු ජල ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා අවධානය යොමු කළ යුතුය. ලෝකයේ වාර්ෂිකව ආහාර ටොන් බිලියන 1.3ක් අපතේ යන අතර එය මුළු ආහාර නිෂ්පාදනයෙන් 1/3කි. වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු වලින් 45%ක් මත්ස්‍ය සහ මුහුදු ආහාර වලින් 35්%ක්, ධාන්‍ය 30්%ක් සහ කිරි සහ මස් ආශ්‍රිත නිෂ්පාදන වලින් 20්%ක් අපතේයාම සිදුවෙයි. ශ්‍රී ලංකාව සැලකූ විට වාර්ෂික ආහාර අපතේයාම 30්%ක් ලෙස වාර්තා වෙයි. අපතේ යන ආහාර මීතේන් වායුව නිපදවීමෙන් අවසන් වනවා පමණක් නොව ඒවා නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද කෘෂිකාර්මික සම්පත් අපතේයාම සිදුවෙයි. මේ නිසා පසු අස්වනු හානිය ඇතුළු නිෂ්පාදන සහ සැපයුම් දාමයන්හි සිදුවන ආහාර අපතේ යාම
අවම කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම සහ තාක්ෂණයන් සංවර්ධන කිරීම සඳහා ආයෝජන අවශ්‍ය වෙයි. කෘෂිකර්මාන්තය ආශ්‍රිත හරිතාගාර වායු විකිරණය වැඩි වශයෙන්ම ආසියාවෙන් (44්%) වාර්තා වන අතර ඇමරිකාවෙන් 25%ක්, අප්‍රිකාවෙන් 15්%ක් සහ යුරෝපයෙන් 12්%ක් ලෙස වාර්තා වෙයි. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව කෘෂිකර්මාන්තය නිසා වන අහිතකර බලපෑම් පසුගිය වසර 50 ක කාලය තුළ දෙගුණයකින් වැඩිවී ඇත. මේ සඳහා ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වන විට එය තවත් 30්%කින් වැඩිවනු ඇත. ක්ෂුද්‍ර පෝෂක ඌනතාවය හෝ සැඟවුනු සාගින්න යනු ආහාරයේ විටමින් සහ ඛනිජ ලවණ නොමැතිකම වන අතර එය මන්දපෝෂණයේ විනාශකාරි ආකාරයකි. මෙම ක්ෂුද්‍ර පෝෂක මන්දපෝෂණය නිසා ලොව පුරා බිලියන දෙකකට ආසන්න ජනතාවක් පීඩනයට පත්ව ඇත. මෙය විශේෂයෙන්ම උප සහරා අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ බොහෝ රටවල දක්නට ලැබෙයි. සහල්, බඩඉරිඟු ආදි ප්‍රධාන බෝග මඟින් ශක්තිය සපයන නමුත් වර්ධනයට හා සෞඛ්‍යයට අවශ්‍ය විටමින් ඒ, යකඩ හා සින්ක් වැනි පෝෂක පදාර්ථ වලින් අඩුය. මේ නිසා සාම්ප්‍රදායික හා ජෛව තාක්ෂණික අභිජනන ක්‍රම මඟින් ආහාර පරිභෝජන විවිධත්වය වැඩිදියුණු කිරීම, ප්‍රධාන ආහාර වර්ග අතිරේක පෝෂ්‍ය පදාර්ථ සහිතව වැඩිදියුණු කිරීම සහ බෝග වල විටමින් සහ ඛනිජ ඝනත්වය වැඩි කිරීම කල යුතුවෙයි. මේනිසා දිනපතා මිලියන සංඛ්‍යාත ජනතාවක් පරිභෝජනය කරන භෝග වල අඩංගු පෝෂක ප්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ සහ නව්‍යකරණයක් අවශ්‍ය වෙයි. තවද පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර සැපයීම අවශ්‍ය වෙයි.

පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැසිරීම සහ ආහාර තෝරා ගැනීම බොහෝවිට සමාජ, ආර්ථික හා පෞද්ගලික සාධක මඟින් බලපෑම් කරන සංකිර්ණ ක්‍රියාවලින් වෙයි. අදායම සහ මිලදී ගැනීමේ ශක්තිය වැඩිවන විට පාරිභෝගිකයින් ආහාර විවිධාංගිකරණය කරයි. සැකසු ආහාර සමඟ ආහාර වේල වෙනස් වන අතර ආහාර සංයුතිය හා සම්භවය කෙරෙහි වැඩි වශයෙන් උනන්දු වෙයි. එනම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ප්‍රමිතිය, භාවිතා කරන කෘෂිකාර්මික ක්‍රමවේද, පශු සම්පත් හා සතුන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම පිළිබඳවද පාරිභෝගිකයින් උනන්දු වෙයි. එම නිසා ආරක්ෂිත සහ පෝෂ්‍යදායි නිෂ්පාදන පරිභෝජනය කරන බවට පාරිභෝගිකයන් තුල විශ්වාසයක් ඇතිවිය යුතුය.
ගොවීන් යනු ආහාර නිෂ්පාදකයින් පමණක් නොව පස, ජලය, ජෛව විවිධත්වය ආදි ස්වභාවික සම්පත් වල භාරකරුවන්ද වෙයි. කෘෂිකර්මාන්තය මත යැපෙන මිලියන සංඛ්‍යාත ග්‍රාමිය ජනතාව ඔවුන්ගේ ජිවනෝපායන් වැඩිදියුණු කිරීමට තාක්ෂණික, ආර්ථික, සමාජ සංස්කෘතික හා සාම්ප්‍රදායික බාධාවන්ට මුහුණ දෙයි. මෙම බාධකවලට සාර්ථකව මුහුණදීම සඳහා ග්‍රාමීය ගොවි ජනතාව දේශීය දැනුම යොදා ගන්නා අතර අත්හදා බැලීම් හා අනුවර්තනයන් තුළින් නව්‍යකරණයක් සිදුකරයි. එනම් ගොවීන් තම ගොවිපල වල නවෝත්පාදන සිදුකරන අතර තමන්ගේ නිෂ්පාදන ඉහළ නැංවිය හැකි ක්‍රමවේද අත්හදා බලයි. නමුත් තනි තනි වශයෙන් දිගුකාලීන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැත. ගොවීන් දැනටමත් භාවිතා කරන සාර්ථක නවෝත්පාදනයන් හඳුනාගෙන ඒවා වෙනත් ගොවීන් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම ආහාර හා කෘෂිකර්මාන්තයේ අනාගතයට අත්‍යවශ්‍ය වෙයි. මෙම කරුණු සලකා බැලීමේදී කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය සෑම ආකාරයෙන්ම වැඩිදියුණු කරන, වටිනාකම් දාමයේ කාර්යක්ෂමතාව වැඩි කරන සහ නාස්තිය අවම කරන ප්‍රතිපත්ති, ආයෝජන සහ නව්‍යකරණයන් අවශ්‍ය වෙයි. වැඩිදියුණු කල දැනුම සහ තාක්ෂණය බෙදාහැරීම තුළින් නිෂ්පාදකයින්ට ඉහළ ඵලදායිතාවක් සහ ලාභයක් අත්කර ගැනීමට මෙම ආයෝජන ඉවහල් වෙයි. මෙය පාරිසරික, ආර්ථික හා සමාජීය වශයෙන් තිරසාර ආහාර හා කෘෂිකාර්මික පද්ධතියක් සඳහා පදනම වන අතර විශේෂයෙන් පරිසර හිතකාමි නවෝත්පාදනයන් මඟින් නිෂ්පාදනය පමණක් නොව ස්වභාවික සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම ද උත්තේජනය කරයි.
මේ අනූව, නවෝත්පාදන යනු සාගින්නෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අපට ඇති හොඳම මෙවලමකි. සුළු පරිමාණ ගොවීන්ට නවෝත්පාදනයන් සඳහා ඇති හැකියාව සහ ප්‍රවේශය අඩාල කරන තාක්ෂණික, සමාජිය, සංවිධානාත්මක, ප්‍රතිපත්තිමය හෝ වෙනත් සීමාවන් ඉවත් කිරීමට සාමුහිකව ක්‍රියා කල යුතු අතරම යහපත් කෘෂිකාර්මික භාවිතයන්, නිෂ්පාදන සහ මෙවලම් හුවමාරු කරගැනීම දිරිමත් කළ යුතුය.
කෘෂිකර්මාන්තයේ නව්‍යකරනය සඳහා පර්යේෂණ සහ ව්‍යාප්ති සේවය, කෘෂි තාක්ෂණය, කෘෂිකාර්මික අධ්‍යාපනය සහ පුහුණු කිරීම්, ගොවි සංවිධාන සහ වෙනත් දේශිය ආයතන සඳහා කරන ආයෝජන ඉහළ නැංවිය යුතුය. දැනට ක්‍රියාත්මක වන හා සාර්ථක යැයි සනාථ වී ඇති ප්‍රශස්ත හා නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් දැනුවත් කිරීම සඳහා කාර්යක්ෂම කෘෂි ව්‍යාප්ති ක්‍රමවේදයක් අවශ්‍ය වෙයි. කෘෂිකාර්මික පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන මඟින් ලැබෙන පුර්ණ ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමට කාලයක් අවශ්‍ය වන අතර ගොවීන්ට ඉහළ ලාභයක්, පාරිභෝගිකයින්ට අඩු වියදමකින් සුලභ ආහාර සැපයුමක් සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීම ඒවායෙහි ප්‍රධාන අරමුණු විය යුතුයග එමනිසා නවෝත්පාදන අභියෝග හඳුනාගැනීම සහ නවෝත්පාදන සඳහා නව ප්‍රවේශයන් අනුගමනය කිරීමට විවිධ ක්ෂේත්‍ර සම්බන්ධීකරණය විය යුතුයග නව සංකල්ප මත කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිය යුතු අතර ඒ පිළිබඳ නිරන්තර දැනුම අලුත් කර ගැනීමට කටයුතු කළ යුතුයග සංවර්ධන සැලසුම් සමඟ මේවා ඒකාබද්ධ කිරීමෙන් එය ප්‍රවර්ධනය කළ හැකිය.