එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්වෙයි

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ රැස්විය.
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ මෙම විශේෂ අමාත්ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
මේ වන විට ලෝකයට එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බවත්, ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව එක් එක් අංශවලට අයත් රාජ්ය ආයතන විසින් එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට කෙටි කාලීන, මධ්ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්රියාකාරී සැලැස්ම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.
එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, බලපෑමකට ලක්වන අංශවලට අවශ්ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ, විශේෂ අමාත්ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශ‌යේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ. එල්. කේ. විජේමාන්නගේ යන මහත්වරු, දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *