රබර් වගාවට රුපියල් 4000ක පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ,  රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක  පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් ලබා දී ඇත.

රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගැනේ. මේ වනවිට වී වගාවට හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 25,000ක් වශයෙන් විශාල පොහොර සහනාධාරයක් ලබා දී ඇත.  ඊට අමතරව තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරය ලබා දිමට රජය පියවර ගෙන ඇත.

මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කළ කරුණු පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *