ඉදිරි කන්නයේ දි ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගන්නවා – වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලය මගින් ඉදිරි කන්නයේ දි ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට බලාපොරොත්තුවන බැව් වි අලෙවිමණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

වි මෙට්‍රික්ටොන් ලක්ෂ 02ක් පමණ ගබඩා කිරිමට හැකි ගබඩා ධාරිතාවයක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ආහාර දෙපාර්තමේන්තුව, ස.තො.ස වැනි ආයතනවල පවතින වී ගබඩාද උපයෝගි කරගෙන වි මෙට්‍රික්ටොන් ලක්ෂ තුනේ ඉලක්කය සපුරාගත හැකි බවද හෙතෙම කියා සිටියි. ‍

ඉදිරි සතිය තුළදී වී කිලෝවක සහතික මිල ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බව සඳහන් කළ වි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා නිසි ප්‍රමිතියට අනුව වියලන ලද වී තොග මෙන්ම තෙත වී මිලදි ගැනිමට කටයුතු කරන බවද පැවසීය.

තෙත වී වියලිම සදහා අවශ්‍ය පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නොමැතිවිම නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සම්බන්ධකරගෙන තෙත වී මිලදී ගැනිමට සැලසුම්කොට ඇති බැව් සදහන් කළ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ගොවියාගේ වී අස්වැන්න සදහා හොද මිලක් ලබාදිම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම වී අලෙවි මණ්ඩලයේ අරමුණ යැයි ද කියා සිටියේය.

වී අලෙවි මණ්ඩලය විසින් ගොවි සංවිධාන සහ රාජ්‍ය ආයතනවල සහයෝගය ඇතිව වී මිලදී ගැනිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *