වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්න – කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත

වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්නැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වනජීව සංගණනය තුළ අඩුපාඩු තිබිය හැකි නමුත් වැරදි වැරිද හෝ මේ දේවල් කළයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය

වන සතුන් සමීක්ෂණය කිහිපවතාවක් කළ යුතුයි. කෘෂි කර්මාන්තය මඟින් ඊට අතගැසුවේ වෙන කවුරුත් නොකරන නිසා. වන ජීවි කළමනාකරණය කියන දෙයක් ලංකාව තුළ වෙන්නේ නැහැ. අපි ඒකට අතගැහුවා. වැරදි වැරදි හරි අපි මේ දේවල් කළ යුතුයි. වන ජීවී සංගණනය තුළ අඩුපාඩු තිබෙන්න පුළුවන්. නමුත් ඒ ගැන ධනාත්මකව හිතන්න.

කෘෂි කර්මාන්තයේ දියුණුව සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගෙන සැලසුම් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම විවාදය තුළදී උත්තර දිය නොහැකි ගැටලු ඉදිරිපත් වුවහොත්, හැන්සාඩ්ගත වන එම ගැටලු අධ්‍යයනය කර කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *