
මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාරියපොළ ග්‍රාම නිලධාරි බල ප්‍රදේශයේ සුදු ගග ජල ද්‍රෝණියෙන් පෝෂණය වූ අක්කර 100කට වැඩි කුඹුරු යායක් දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් සම්පුර්ණයෙන් විනාශ වූ අතර, මිට වසර 45කට පමණ පෙර වාරි ඇළ හරහා ඉදි කොට තිබු පදික පාලම ද අස්ථාවරත්වයට පත්විය.
ගොවි පවුල් 75 ක් පමණ සිය ජිවිතාව ලෙස කෘෂි කර්මාන්තයේ නිරත වූ අතර , වාරියපොළ ගොවි ජන කොට්ඨාශයේ ඉතා සශ්‍රික වූ කෙත්යායක් ලෙස මෙම කොටස දෙකන්නයේ අස්වද්දනු ලැබිය.වම ඉවුරේ ඇළ මාර්ගයෙන් වාරියපොළ වසම ඇතුළුව වරාපිටිය සහ තිබ්බෝටුමුල්ල යන ග්‍රාම නිලධාරි වසම් වල ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සම්පාදනය සිදු වුයේ පාලම් ඇළ සහ මොරගැහැල්ල අමුණෙන් සපයා ගනු ලැබූ ජලයෙනි. මෙහි ප්‍රතිලාභී සංඛ්‍යාව 750 කට වැඩි පිරිසකි.
දුම්බර හරිත සවිය GCF නකල්ස් ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන භාවිතයෙන් මහවැලි උපදේශන කාර්යාංශයේ සහ මධ්‍යම ඉංජිනේරුමය උපදේශන කාර්යාංශය වෙත පවරා ඇති නකල්ස් ව්‍යාපෘති බල ප්‍රදේශය තුල ප්‍රමුඛගත උප ජල පෝෂක ප්‍රදේශ වල අනුමත ව්‍යුහාත්මක නොවන මැදිහත් වීම් සැලසුම් කිරීම, නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබද පුර්ණ අධ්‍යයනයක නිරත වේ.
මෙම අමුණේ සුළු අලුත්වැඩියාවන්, රොන් මඩ කළමනාකරණය, අමුණේ සහ ජලාශ ප්‍රදේශයේ රැස්වී ඇති රොන්මඩ ඉවත් කිරීම, පරීක්ෂණ අමුණක් ඉදි කිරීම , වම් අවුරේ ඇළ මාර්ගය ට නව රොන් මඩ උගුලක් හදුන්වා ඉඩම ඇතුළු අලුත්වැඩියාවන ගණනාවක් සිදු කිරීමට යෝජිතය.
ප්‍රදේශවාසින්ගෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ සම්බන්ධිකරණ කමිටු සම සභාපති ගමගෙදර දිසානායක මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත නිරන්තරයෙන් ම ලැබුණු ඉල්ලීම් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ද අවධානයට යොමු කල අතර , ඒ අනුව දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය මගින් කඩිනමින් මෙම අමුණේ සංවර්ධන කටයුතු නිම කොට ගොවි ජනතාවට නැවත සිය වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන මෙන් වාරිමාර්ග, ඉඩම්, පශු සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි ලාල්කාන්ත මහතා උපදෙස් ලබා දී ඇත.
අමුණේ අලුත්වැඩියා කටයුතු ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන අතර , ඊට පුර්වයෙන් ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීමේ විශේෂ ජන හමුවක් අගෝස්තු 24 දා පස්වරුවේ , කොට්ඨාශය නියෝජනය කරනු ලබන උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. තෙන්නකෝන් මහතා ඇතුළු ජනතා නියෝජිතයන් සහ ගොවි සංවිධාන සභාපති පි.ජි පද්මසිරි මහතා ඇතුළු ගොවි මහත්ම මහත්මීන් , ව්‍යාපෘති උපදේශක තුෂාර නයනානන්ද මහතා ඇතුළු නිලධාරින් , සහ උපදේශන කාර්යාංශ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් වාරියපොළ ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

