2026-27 යල කන්නයට වාරි ජල බෙදාහැරීමේ අවසන් තීරණ ගනී – ගොවි සංවිධාන නායකයින්ගේ පූර්ණ කැමත්ත පළ වේ

2026-27 යල කන්නයේ වගා සැලැස්මට අනුකූලව මහා වාරිමාර්ග පද්ධතිවල ජලය බෙදාහැරීම පිළිබඳ අවසන් හා තීරණාත්මක සාකච්ඡාව ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතනයේදී පැවැතිවිණි. එල්නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට දිවයිනේ සියලුම කලාප නියෝජනය කරමින් ගොවි සංගම් නියෝජිතයන් හා ගොවි නායකයන් සාකච්ඡාවට එක් වූ අතර එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ජල අභියෝගවලට මුහුණදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් හා තාක්ෂණික ක්‍රමවේද අනුව වගා කටයුතු සංවිධානය කිරීමට ගොවි නායකයෝ සූදානම් බව ප්‍රකාශ කළහ.

මෙම සාකච්ඡාවේ දී ජලය ලබාදීමේ කාලසටහන සහ වගා සැලැස්ම තදින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත.

 

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *