එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව සිව්වන වරටත් රැස්වේ

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී පසුගිය 31වෙනිදා සිව්වන වරටත් රැස් විය.

එල්-නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එසේ රැකියා අහිමි වූ අයට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එලි-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ගත යුතු පියවර මෙන්ම, රට තුළ එළවළු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.

මේවන විට දිස්ත්‍රික්කය 06ක ජනතාව එල්-නිනෝ බලපෑමට ලක්ව ඇති බැවින්, එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

මහ කන්නය ආරම්භ කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සැප්තැම්බර් මස 4 වෙනි දින පැවැත්වීමටත්, එල්-නිනෝ බලපෑමට ලක් වී ඇති දිස්ත්‍රික්ක හයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙරුණු අතර, සැප්තැම්බර් මස 14වෙනිදා නැවත අනු කමිටුව රැස්වීමටද තීරණය කෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *