
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යෑම සඳහා විද්වත් සමාජ කතිකාවතකට සමාජය යොමු කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අද (02) පැවැත්විණි.
ISAE 2026 වසරේදී සිදුකරන මෙම නිල දියත් කිරීම රජය, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය, විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ පුද්ගලික තාක්ෂණික අංශය එක්ව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ඩිජිටල් හා තාක්ෂණය මත පදනම් වූ නව යුගයකට ගෙන යාමේ වැදගත් සංකේතාත්මක අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන වර්තමාන අභියෝග නව තාක්ෂණයන්හි භූමිකාව සහ අනාගත කෘෂිකාර්මික දිශානතිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයක් සිදු විය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළුව මහාචාර්යවරුන් සහ කෘෂි කර්මාන්තයට අදාළ විද්වතුන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


