මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බිත්තර වී නිෂ්පාදනය පුළුල් වේ — 2026 යල කන්නයේ බුසල් 2,400ක නිෂ්පාදනයක්

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ 2026 යල කන්නයේ බිත්තර වී බුසල් 2,400ක නිෂ්පාදනයක් වාර්තා වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය විසින් අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බිත්තර වී නිෂ්පාදනය පුළුල් වේ — 2026 යල කන්නයේ බුසල් 2,400ක නිෂ්පාදනයක්

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ වී වගාව සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රාදේශීය මට්ටමින් නිෂ්පාදනය කිරීම අරමුණු කරගනිමින් මහියංගන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ බිත්තර වී නිෂ්පාදන වැඩසටහන 2025/26 මහ කන්නයේදී ආරම්භ කර ඇත.

මහියංගනය ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ වී වගා කළ හැකි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10,040.8ක් වන අතර, 2025/26 මහ කන්නයේදී හෙක්ටයාර් 9,181.84ක් වගා කර තිබේ. 2026 යල කන්නයේ වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 7,481ක් පමණ වේ. මෙම කන්න දෙක සඳහාම අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බුසල් 74,982.78ක් පමණ වේ.

මෙම අවශ්‍යතාවයට ප්‍රාදේශීය මට්ටමින් දායක වීම සඳහා ආරම්භ කරන ලද බිත්තර වී නිෂ්පාදන වැඩසටහනේ පළමු අදියර ලෙස 2025/26 මහ කන්නයේ ගොවීන් 11 දෙනෙකු හෙක්ටයාර් 8.8ක භූමි ප්‍රමාණයක වී වගා කර, බිත්තර වී බුසල් 1,200ක් නිෂ්පාදනය කර ඇත.

එම වැඩසටහන 2026 යල කන්නයේදී තවදුරටත් ක්‍රියාත්මක කරමින් ගොවීන් 164 දෙනෙකු ලියාපදිංචි කර ඇත. ඔවුන් හෙක්ටයාර් 18.1ක භූමි ප්‍රමාණයක වී වගා කර ඇති අතර, මේ වන විට බිත්තර වී බුසල් 2,400ක් පමණ නිෂ්පාදනය කර තිබේ. එලෙස නිෂ්පාදනය කරන ලද බිත්තර වී මහියංගනය ගොවිජන සේවා කාරක සභාව හරහා අලෙවි කරමින් පවතී.

ප්‍රදේශයේ වී වගාව සඳහා විශාල බිත්තර වී අවශ්‍යතාවයක් පවතින පසුබිමක, ගොවීන් සෘජුවම බිත්තර වී නිෂ්පාදනයට සම්බන්ධ කරගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ප්‍රායෝගික වටිනාකම වේ. එමඟින් ප්‍රදේශයේ වී වගාවට අවශ්‍ය බිත්තර වී සැපයුම සඳහා දේශීය නිෂ්පාදනයෙන් දායකත්වයක් ලබාදෙන අතර, බිත්තර වී නිෂ්පාදනයට එක්වන ගොවීන් සඳහාද නිෂ්පාදන හා අලෙවි ක්‍රියාවලියක් සකස් වේ.

බිත්තර වී ලබාගැනීමට හෝ මෙම වැඩසටහන පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය ගොවීන්ට මහියංගනය ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා අදාළ තොරතුරු ලබාගත හැකිය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *