ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන තැඹිලි ගම්මානය ස්ථාපිත කෙරේ

“Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම පසුගිය දා (10) රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.

දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 දින ආරම්භ වූ අතර, ඊට සමගාමිව බදුල්ල දිස්ත්‍රික් දෙවන ගම්මානය මෙලෙස දියත් කෙරුණි. මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදු කළ අතර, දිළිඳු බව තුරන් කිරිම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන සමග ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදාදිමේ වැඩසටහන යටතේ පවුල් 250ක් වෙත පොල් පැල 500ක් ද බෙදා දීම සිදු කල අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින් එක්ව සිටියහ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරනතුනා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *