‍2024/25 මහ කන්නයේ වගා හානි ගෙවීම් කඩිනම් කිරීම ගැන නිවේදනයක්

2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩල සභාපති වරයා ප්‍රකාශ කර සිටියි

මේ අනුව හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6239 වෙනුවෙන් අක්කර 9067.40 සඳහා රුපියල් මිලියන 114 ක මුදලක් නිදහස් කර ඇත

එසේම වවුනියා,මුලතිව් ,ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත් වලට අදාළ වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව අක්කර 4324 ප්‍රමාණයක හානි වූ වගාවක් සඳහා ගොවි මහතුන් 3272 වෙනුවෙන් රු මිලයන 70 ක් ඔවුන්ගේ ගිණුම් වලට බැරකිරීම් සිදු කර ඇත.

තවද අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබුණු නිර්දේශ කරන ලද වගා බිම් අක්කර 7657 ක ගොවීන් 8705 ක් සඳහා රුපියල් මිලියන 122 ක මුදලක් 2025 අද (10)  ගොවීන්ගේ ගිණුම් වලට බැර කිරීම සිදු කරනු ලැබේ.

තවද පසුගිය පෙබරවාරි මස 29 දින නුවර එළිය දිස්ත්‍රික්කය‌ට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් වී ,අමු මිරිස් හා අර්තාපල් යන වගාවන්ට සිදු වූ වගා හානි මුදල් තක්සේරු කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *