වී මිලදී ගැනීම හෙට (03) සිට රජය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව වි අස්වනු නෙලන ප්‍රදේශවල ගොවීන්ගෙන්, නාඩු සහල් සඳහා රුපියල් 120ක් , සම්බා සහල් සඳහා රුපියල් 125ක් , කීරි සම්බා රුපියල්132ක් ලෙස රජය ලබා දෙන සහතික මිලට අනුව වී මිලදී ගැනීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් නොවීමේ දිගු ඉතිහාසයක් පසුකර තිබු බවත්, එම වකවානුව දැන් පසු කර ඇති බවත් රජය මේ වනවිට වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම , වී සඳහා සහතික මිලක් නියම කිරීම වැනි කාරණා සඳහා මැදිහත්වන වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයට වී ලබා දෙන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලිමක් කල හැකි නමුත් එසේ නොකරන බවත්, රජයට වී ලබා දීම ගොවියාගේ වගකීමක් සහ යුතුකමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් කීරි සම්බා වගා කිරීමේ යම් අඩුවක් තිබු බවත්, එයින් කීරි සම්බා අස්වැන්න අඩු වී ඇති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා , අස්වනු ලැබෙන ප්‍රමාණය අනුව කීරි සම්බා අස්වැන්නේ අඩුවක් තිබුනොත් කීරි සම්බා ආනයනය කිරීමට තීන්දුවක් ගෙන තිබෙන බවද පැවසීය.