මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කරයි

2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා ආදි වගාවන් සඳහා අක්කර 87,690ක වගා කළ ගොවීන් 74,958ක ප්‍රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී ඇති බවය.

එම වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී තම වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති බවත් එම මණ්ඩලය පවසයි.

ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *