ඉරුණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම ගැන විශේෂ සාකච්ඡාවක්

ඉරුදෙණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම හා කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුපෝෂණ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුව පසුගිය 23 වැනි දින පස්වරුවේ  පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

පොල්පිතිගම, ඉරුදෙනියාය උස්බිම් ගොවිජනපදයේ  සහ කහල්ල රක්ෂිතයේ වනබිම සීමාමායිම් නිරාකරණය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර දැනටමත් මිනුම් කටයුතු අවසන්කර තිබෙන කොටස් වල ඉඩම් අයිතිය ඉදිරි කෙටි කාලයක් තුළ ගොවීන්ට ලබාදීමට නියමිතය. දැනට ගැටලු පවතින කොටස් වල  සීමාමායිම් නිරාකරණය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.

කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුපෝෂණ කිරීම හා වනජීවින්ගේ ජීවීත සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර රක්ෂිත භූමියේ වැව් 14ක් පමණ ප්‍රතිසංකරණය සඳහා හඳුනා ගෙන ඇත. මෙම වැව් අතරින් කලමඩුවැව, ගොරකපැලැස්ස වැව, බඹරගල කන්ඩි වැව, හෙරත්ගම වැව, සුදාගේ වැව, නාගහ වැව යන වැව් මුල් අදියරේදී ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කලමඩුවැව, ගොරකපැලැස්ස වැවේ මිණුම් කටයුතු දැනටමත් අවසන් කර ඇත. ඒ අනුව එම වැව් ප්‍රතිසංකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ජලය හා ආහාර සොයා ගම් වදින වන අලින්ට සුදුසු පරිසර පද්ධතියක් නැවත් රක්ෂිතය තුළම ඇති කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

වනාන්තර සුපෝෂණය කිරීම මගින් සතුන්ට උචිත පරිසර පද්ධතියක් රක්ෂිතය තුළ ඇති කිරීම, විදුලිවැට විදිමත් කිරීම, මී ඔය පදනම් කරගෙන කහල්ල සහ තබ්බෝව රක්ෂිත යාකරමින් අලි කොරිඩෝව නිර්මාණය කිරීම තුළින් ඉරුදෙනියාය ගොවිජනපදය ඇතුලු ප්‍රදේශයේ ගොවිජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම අවම කරගනිමින් ඒ සඳහා තිරසාර විසඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඉදිරි අයවැය යෝජනා සදහා මෙම යෝජනා ඇතුළත් කිරීමට කමිටුව තීරණය කරන ලදී.

කහල්ල රක්ෂිතයේ ඇති ආක්‍රමණික ශාක ඉවත් කිරීම හා සතුන්ගේ වාසස්ථාන කළමනාකරණය සම්බන්ධවද සාකච්ඡා කෙරුණු අතර  තේක්ක හා ඇකේශියා ශාක ගලවා ඉවත් කිරීම, රාජ්‍ය දැව සංස්තාව මගින් සිදු කිරීමට නියමිතය.

කහල්ල රක්ෂිතයේ සතුන්ගේ වාසස්ථාන කළමනාකරණය සඳහා සත්ව ආහාර (තණ) ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වාසස්ථානවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මහකිතූල ප්‍රදේශයේ හෙක්ටයාර 150 හා මහකිරුල ප්‍රදේශයේ හෙක්ටයාර 30 ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට අදාල කටයුතු දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම විශේෂ කමිටු රැස්වීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ගීතා හේරත් මහත්මිය, පරිසර අමාත්‍යංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්(වනජීවී) උදය කුමාර මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මයා, වන සංරක්ෂණ ජනරාල් සී. පාලමකුඹුර මයා, වයඹ ආණ්ඩුකාරතුමගේ ලේකම් ඩබ්. ජී.ඩබ්. වනසිංහ මහතා, වයඹ පළාත් ඉඩම් කොමසාරිස් ආර්. එම්. එන්. ප්‍රේමසිරි මහතා , ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි කේ.පී.යූ. පුෂ්පකුමාර මහතා,   පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස්. දසනායක මයා, කුරුණෑගල දිසා වන නිලධාරි කේ.එම්.එච්.ජී.එන්.එස්.බී. කැකුලන්දර  මහතා,  කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ  ජී. සී. ශාන්ත වීරසිංහ. දිසා වන නිලධාරි කේ.ජී.සී. සඳරේණු මිය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තු නිලධාරීන් හා  කමිටු සාමාජික මාගේ පෞද්ගලික ලේකම් සරත් කුමාර මයා ඇතුළු කමිටු සාමාජික මහත්ම මහත්මීන් සම්බන්ධ වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *