මහවැලි කේන්ද්‍රයේ Euphoria Ceylon සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට විදෙස් සංචාරකයින්ගේ ඉහළ ප්‍රතිචාර

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ දැක්ම අනුව යමින් කොළඹ මහවැලි කේන්ද්‍රය මූලික කරගනිමින් Euphoria Ceylon නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

මහවැලි උපදේශන කාර්යංශය, මහවැලි කේන්ද්‍රය සහ මහවැලි අධිකාරිය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලාංකීය විචිත්‍රවත් සංස්කෘතිකාංග  දැක ගැනීමට සහ හෙළ කලාංගයන්හි අත්දැකීම් ලබා ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබේ.

ඒ අනුව Euphoria Ceylon හි විශේෂ වැඩසටහනක් විදෙස් සංචාරකයින් සඳහා පැවැත්වීමට පියවර ගත්තේය. මේ සඳහා සංචාරකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර Euphoria Cultural Experience Labs හරහා ශ්‍රී ලංකාවට ආවේණික දේශීය බතික් කලා නිර්මාණයන් ප්‍රායෝගිකව අත්විඳීමට සංචාරකයින්ට අවස්ථාවක් උදවිය. මෙහි දී දේශීය අනන්‍යතාව පිළිඹිබු කරමින් ඉදිරිපත් කෙරුණු නර්තනාංගයන් වෙත සංචාරකයින්ගේ විශේෂ අවධානයක් යොමු විය.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යංශය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *