
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අතරතුරදී මෙරට වත්මන් රජය සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කිරි ගොවියන් සඳහා ධාරිතා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණික සහාය ලබාදීමට එකඟවූ අතර එම වැඩපිළිවෙළ මේ වන විට විට කෘෂිකාර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ පශු සම්පත් අංශය මගින් ආරම්භ කර ඇත.

මෙම කරුණු පසුගිය දා කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ අතර මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු පශු සම්පත් අංශය, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන බව ද අනාවරණය විය.
ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මෙරට තෝරා ගත් කිරි ගොවීන් 20 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් ආරම්භ කරන ලද අතර එහි පළමු අදියරය සාර්ථකව පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී පැවැත්විණි.
එහි දෙවන අදියරය සඳහා මෙවර ද කිරි ගොවීන් 20 තෝරා ගෙන ඇති අතර එම වැඩසටහන මෙම මස 16 වැනි දින ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී. මේ සඳහා මූල්‍යමය දායකත්වය ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් සිදුවන අතර සියලු තාක්ෂණික දැනුම සහ පුහුණුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
මෙහි තෙවන අදියරය මේ වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට කෘෂිකාර්ම ,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ පශු සම්පත් අංශය මගින් කටයුතු සූදානම් කරමින් පවතී.
වැඩසටහනේ පසුබිම
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී එළඹි ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර එහි අරමුණ වන්නේ මෙරට කිරි ගොවීන්ගේ තාක්ෂණික දැනුම, කළමනාකරණ හැකියාවන් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ පළපුරුද්ද වර්ධනය කිරීමය.
මෙම වැඩසටහන අවශ්‍ය මූල්‍ය මූල්‍ය දායකත්වය ඉන්දියානු රජය සහ තාක්ෂණික සහ පුහුණු දායකත්වය ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB – Gujarat) විසින් ලබා දීමට නියමිතය.
ප්‍රගතිය සහ පූර්ව අදියර
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගිය දෙසැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන ලද අතර එහිදී කිරිගොවීන් 20 දෙනෙකු සඳහා ගුජරාට් ප්‍රාන්තයේ NDDB ආයතනයේදී පුහුණුව සාර්ථකව පවත්වන ලදී. මේ පුහුණු වැඩසටහන තුළින් Amul ව්‍යාපාරික ආකෘතිය (Cooperative Model), නවීන ගොවිපළ කළමනාකරණය සහ ගුණාත්මක කිරි නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට මෙරට කිරි ගොවීන්ට අවස්ථාව උදාවිය.
මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ පුහුණුව ලබාදීමට ගොවීන් 20 දෙනකු තෝරා ගෙන ඇත. ඒ අනුව එම ගොවීන් මේ මස 17 වන දින ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ NDDB වෙත සංචාරය කිරීමට නියමිතය.

ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර
මෙම අධ්‍යනයේ දී අවධානය යොමු කරනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි. ඒ අතර
- සමූපකාර කිරි නිෂ්පාදන ආකෘතිය සහ අලෙවිකරණය.
- සතුන්ගේ පෝෂණය, ආහාර බෝග වගාව සහ පශු සෞඛ්‍ය කළමනාකරණය.
- ඉහළ තාක්ෂණික මෙවලම් භාවිතය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
අපේක්ෂිත අනාගත ඉලක්ක
මෙම පුහුණු වැඩසටහන සහභාගී වී පුහුණුව ලබන ගොවීන් ප්‍රදේශ මට්ටමින් “නියමු ගොවීන්” (Lead Farmers) ලෙස යොදා ගැනීම සහ ලබා ගන්නා දැනුම කරමින් කලාපීය මට්ටමින් සසුන්ගත කිරි ගොවි කණ්ඩායම් (Clusters) සක්‍රිය කිරීම යොදා ගැනීමට නියමිතය. එසේ ඔවුන් මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජාතික වැඩපිළිවෙළට සෘජුව දායක කර ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂිත ප්‍රධාන ඉලක්කයකි.
සටහන - ආචාර්ය සදීීීෂා ගුණරත්න, නියෝජ්‍ය අධ්යක්ෂ, පශු සම්පත් සංවර්ධන (සැලසුම්)

