වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වසර ගණනාවක් පුරා පවතින ගැටලු වලට විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාව සාර්ථකයි

වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සකස් කිරීම සහ වසර ගණනාවක් පුරා වී මිල දී ගැනීමේ ක්‍රියාවලියේ  පවතින ගැටලු සඳහා සාර්ථක විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා (07) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවට මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන් සහභාගී වූහ. එහිදී මෝල් හිමියන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද නියමිත මිල ගණන් යටතේ ප්‍රමිතිගත කර මිලදී ගැනීමට එකඟ වූහ.

මෙම අවස්ථාව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ද ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *