කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු විවෘත කරයි – ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිවේදනයක්

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම  එහි උපරිම ජල මට්ටම් කරා ළඟා වීම හේතුවෙන් අද (09)දින පස්වරු 7.00 පැයට වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන අතර එමඟින් තප්පරයට ඝන මීටර 20ක පමණ  සිඝ්‍රතාවයකින් ජලය කොත්මලා ඔයට නිදහස් කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (09) සවස නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරු (ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය – කොත්මලේ) පවසන්නේ ඒ අනුව ජලාශයට පහළ කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉතා සුළු වශයෙන් වැඩි වීමක් සිදු විය හැකි අතර ඒ පිළිබඳව අවධානයෙන් සිට කටයුතු කරන ලෙසයි.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *