
දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් GCF නකල්ස් ව්‍යාපෘතිය, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී.
මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස හත්මුණගල සහ රත්ගම්මාන ගොවිජන සේවා බලප්‍රදේශවල ගොවීන්ගේ ගෙවතු සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් චෙක්පත් ප්‍රදානෝත්සවයක් පසුගියදා (05) පැවැත්විණි.
එහිදී ගොවීන් 75 දෙනෙකුට ගෙවතු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 8.9ක මූල්‍ය ආධාර ප්‍රදානය කරන ලදී.

