
වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ ආයතනවල දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කළ සේවක මහත්ම මහත්මීන් 52 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (11) වයඹ පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමා, වයඹ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂතුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද එක්ව සිටියහ.

