ගෙවතු වගා ක්ෂේත්‍ර දිනය ගනෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඇරඹෙයි

ගෙවතු වගා ක්ෂේත්‍ර දිනය අද (13) ගනෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ විය. උත්සවය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම ක්ෂේත්‍ර දිනය සාර්ථකව සංවිධානය කිරීම සඳහා කැපවී කටයුතු කළ උද්‍යාන බොග් පර්යේෂණ හා සංවර්ධන ආයතනය, අනෙකුත් ආයතන, විද්‍යාඥයින්, පර්යේෂකයින්, නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම සංවිධානවලට අමාත්‍යවරයා සිය හෘදයාංගම ස්තූතිය සහ කෘතඥතාව පළ කළේය.

මෙම ක්ෂේත්‍ර දිනය ගොවියාට නව දැනුම කරා යන ශක්තිමත් පියවරක් වනු ඇතැයි කී කෘෂිකර්ම අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නවීන, ඵලදායී, තිරසාර සහ වාණිජමය වශයෙන් ශක්තිමත් කෘෂිකර්මාන්තයක් ගොඩනඟනු ඇති බව ද පැවසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *