එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ රැස් විය.

සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි වැවිලි, කෘෂිකර්ම, වන ජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන අංශවලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ වන විට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොණරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත් මෙම කමිටුවේදී තීරණය විය.

වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහත යාම හමුවේ ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර, යම් හෙයකින් බලපෑමකට ලක්වන ක්ෂේත්‍රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා විය.

එමෙන්ම, එල්නිනෝ නවතම තත්ත්වය පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ‌යේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්. කේ. විජේමාන්නගේ යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *