කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු 330කට සහතික පත් ප්‍රදානය කෙරේ

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (29) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි කෘෂිකර්ම විද්‍යාල 11ක සාර්ථකව ඩිප්ලෝමා පාඨමාලා සම්පුර්ණ කරන ලද සිසුන් 330ක් මෙහි දී සහතිකපත් ප්‍රදානය කරන ලදි

මෙම ඩිප්ලෝමාධාරීන් සඳහා දේශීය මෙන්ම විදේශීයව ද රැකියා වෙළෙඳපොළ අවස්ථා පවතින අතර ඒ වෙනුවෙන් නව මාවත් විවර කර දීමත් මෙහි දී සිදු වේ.

දේශීය කෘෂිකාර්මික අංශයේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *