හිමිකම ඉඩම් දීමනා පත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහන: මොනරාගල 1400කට හිමිකම් දීමනා පත්‍ර

හිමිකම ඉඩම් දීමනා පත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන අද (15) වන දින මොනරාගල නිශ්සංක ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී දීමනා පත්‍ර 1400 ක ප්‍රමාණයක් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යමින් ජනතාවගේ ඉඩම් ගැටලු සදහා විසඳුම් ලබා  දීම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් බව මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *