
කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් අදාළ අරමුණු සඳහා භාවිත නොකරන ඉඩම් යළි රජයට පවරාගෙන, ඒවා ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රජයට අයත් කෘෂිකාර්මික ඉඩම් විවිධ වගා ව්‍යාපෘති හා කෘෂිකාර්මික ආයෝජන සඳහා බදු පදනම මත පුද්ගලයන්ට සහ ආයතනවලට ලබාදී ඇති නමුත් එලෙස ලබාගත් ඇතැම් ඉඩම් අපේක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා නොගෙන අක්‍රීයව පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙවැනි ඉඩම් හඳුනා ගෙන, අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටි අනුව ඒවා නැවත පවරා ගැනීමටත්, එම ඉඩම් වගා කිරීමේ හැකියාව සහිත පාර්ශ්වයන්ගේ ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොමු කිරීමටත් අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
“කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති ඉඩම් නිසි ප්‍රයෝජනයකට නො ගෙන දීර්ඝ කාලයක් අක්‍රීයව පවත්වා ගෙන යාමෙන් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා අහිමි වෙනවා. එබැවින් එවැනි ඉඩම් නැවත ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොමු කිරීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකරදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අපේක්ෂාවයි.
බදු පදනම මත ලබාගෙන එම ඉඩම් වගා නො කර සිටින පුත්ගලයන් 135 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ ඉඩම් නැවත ලබා ගෙන ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. රජයේ කෘෂිකාර්මික ඉඩම්වල සැබෑ වටිනාකම ඇත්තේ ඒවා බදු පදනම මත ලබාගෙන රඳවා තබා ගැනීම තුළ නොව, රටේ නිෂ්පාදනයට සහ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබා දීම තුළයි” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

