
ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපතිවරයා සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර හමුවක් අද (04) දින ගොවිජන මන්දිරයේදී සිදුවිය. මෙම හමුවේ අරමුණ වූයේ දෙරට අතර කෘෂිකාර්මික අත්දැකීම් හුවමාරු කරගැනීමයි.
පශු සම්පත් අංශය, එළවළු, පලතුරු හා විසිතුරු මසුන් පිළිබඳව විශේෂ අවධානයක් මෙහි දී යොමු විය. අපනයන ක්ෂේත්රය කෙරෙහි විශේෂයෙන් සාකච්ඡා කරන ලද අතර දෙරට අතර සබඳතා වර්ධනය කරගනිමින් කෘෂිකාර්මික දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහි දී එකඟත්වයක් ඇති වුණේය.

