
කුරහන් මිහිර – කුරක්කන් වගාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින ලුණුගම්වෙහෙර බහුකාර්ය මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
මෙය විශේෂ වැඩසටහනක් වන අතර වී වගා කරන කුඹුරු තුළ එක් ලියද්දක කුරක්කන් වගා කිරීමට ගොවි ජනතාව උනන්දු කරවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ද සහභාගී විය.
ලුණුගම්වෙහෙරින් ඇරඹෙන මෙම ජාතික ප්‍රවර්ධන වැඩහටහන නොවැම්බර් මාසය පුරා දිවයිනේ ප්‍රධාන කුඹුරු යායවල් රැසක ව්‍යාප්ත කිරීමට නියමිතය. හසලක, මොනරාගල, අම්පාර, පොළොන්නරුව, මැදිරිගිරිය, අනුරාධපුර ප්‍රදේශ මේ සඳහා දැනට තෝරා ගෙන ඇත.




