Govimina.com සහ Kamanalam.com ගොවිජන ගත කෙරේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් Govimina.com වෙබ් අඩවිය ගොවිජන ගත කළ අයුරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා (දකුණු පස) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී.ජී. බන්දුල මහතා සහ DevPro Guarantee Limited විධායක අධ්‍යක්ෂ තිලක් කරුණාරත්න මහතා (වම්පස) ද මෙහි සිටී.

කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලික සමාගම්වලට සිය ප්‍රවෘත්ති, දැනුම, මතවාද, තාක්ෂණය ඇතුළු සියලු ආකාරයේ අත්‍යවශ්‍ය තොරතුරු ගොවිජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා අත්‍ය මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් සැලසුම් කළ Govimina.com සහ Kamanalam.com වෙබ් අඩවි ද්විත්වය ගොවිජනගත කිරීමේ උත්සවය අද (ජුනි 27 දින) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‍ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ නාරායනසාමී ශාලාවේ දී පැවැත්වුණි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් Kamanalam.com වෙබ් අඩවිය ගොවිජන ගත කළ අයුරු

 

කෘෂිකර්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා සභාව අමතන අයුරු

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජී.ජී බන්දුල මහතා සභාව අමතන අයුරු

DevPro Guarantee Limited විධායක අධ්‍යක්ෂ තිලක් කරුණාරත්න මහතා සභාව අමතන අයුරු

DevPro Guarantee Limited හි වැඩසටහන් කළමනාකරු සෆීර් අහමඩ් මහතා (වම) එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ තිලක් කරුණාරත්න මහතාෙ (මැද) සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය N.P.G. සමන්ත මහතා (දකුණ)

මෙම වෙබ් අඩවි ද්විත්වය නිර්මාණය කිරීම සදහා පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය දරා ඇත්තේ DevPro Guarantee Limited ය. අද දින ජනගත කළ මෙම වෙබ් අඩවි දෙක වන Govimina.com ඔස්සේ සිංහල භාෂාවෙනුත් Kamanalam.com ඔස්සේ දමිළ භාෂාවෙනුත් නවතම කෘෂිකාර්මික තොරතුරු වෙත ප්‍ර‍වේශ වීමට ඔබට හැකිවේ.

උත්සව සභාව ඇමතූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සදහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන සතු තොරතුරු ඒකාබද්ධ වේදිකාවකට ගොනු කර බෙදා හැරීමේ අවශ්‍යතාව ඇති බවයි. එසේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය, DevPro සමග අත්වැල් බැද ගනිමින් ගොවීන් වෙත යාවත්කාලීන තොරතුරු ලබා දීම සදහා ගන්නා වූ මෙම වෑයම එතුමාගේ ඇගයීමට ලක් විය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රවෘත්ති හා ප්‍රකාශන නිලධාරිනී වසන්ති රාජපක්ෂ මහත්මිය සහ තර්සිකා විජයකුමාර් මෙනෙවිය විසින් සභාව මෙහෙයවන අයුරු

මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතාව සහ යටිතල පහසුකම් අංශයේ අධ්‍යක්ෂ පී.එම්.එස් ජයතිලක මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්  කාර්යාලයේ සංවර්ධන හවුල්කාරීත්වය පිළිබද පළමු ලේකම්තුමිය, DevPro Guarantee Limited විධායක අධ්‍යක්ෂ තිලක් කරුණාරත්න මහතා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජී.ජී බන්දුල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප – පුබුදු නිරෝෂණ – සටහන – වසන්ති රාජපක්ෂ

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *