කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ව නිෂ්පාදන ආනයනය තහනම් කරයි

කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

රට ආරක්‍ෂා කිරීම සඳහා පාලන පියවර ගත් බවද ඇය පැවසුවාය.  දැනට කුරුළු උණ වාර්තා වන කිසිදු රටකින් සත්ත්ව නිෂ්පාදන හෝ සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර නොමැති බවද ඇය සඳහන් කළාය.

“ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක ප්‍රථම වරට ගවයින්ට කුරුළු උණ රෝගය වැළදී තිබෙනවා. ඒ නිසා එය බරපතල තත්ත්වයක්,” වෛද්‍ය කොතලාවල මහත්මිය පැවසුවාය.

එමෙන්ම රට තුළ ක්‍රියාත්මක රෝග මර්දන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *